වන ආරක්‍ෂක ජොබ් එක ගන්න කිලෝමීටර් 25ක් ඇවිද්ද තරුණයා ජීවිතක්ෂයට

වන ආරක්‍ෂක තනතුර සඳහා කිලෝමීටර් 25 ක ඇවිදීමේ පරීක්ෂණය සම්පූර්ණ කිරීමට උත්සාහ කළ තරුණයෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි බලගාට් ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුව ඇති අතර, මෙලෙස මියගොස් ඇත්තේ සලීම් මෞර්යා නැමැති තරුණයෙක්.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන ආරක්‍ෂක තනතුර සඳහා ලිඛිත විභාගයෙන් පසු, පැය හතරකින් නිම කළ යුතු කිලෝමීටර් 25ක ඇවිදීමේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට අයදුම්කරුවන් 108 දෙනෙකු පෙනී සිට තිබෙනවා.

එහිදී මෙම පා ගමන පෙරවරු 6.00ට ආරම්භ වී ඇති අතර, පරීක්ෂණයේ කිලෝමීටර් තුන සම්පූර්ණ කිරීමට පෙර මෙම තරුණයා හදිසි රෝගී තත්ත්වයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඔහුව වහාම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, එහිදී ඔහු මියගොස් ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

මේ අතර පරීක්ෂණය සඳහා සහභාගී වූ 108 දෙනාගෙන් 104 දෙනෙකු අදාළ කාල සීමාව තුළ එය සම්පූර්ණ කර තිබෙනවා.

ලිඛිත විභාගය සමත් වූ පසු ලේඛන සත්‍යාපනය සහ ශාරීරික පරීක්ෂණය සඳහා මෞර්යා පසුගිය 23 වනදා බලගාට් වෙත ගිය බවයි ඔහුගේ සොහොයුරා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
00:00
Video thumbnail
ඔයා මාලිමාවේ කියලා කොහොමද මගේ ඉඩමට එන්නේ..?
01:57
Video thumbnail
"බැහැපන් හු## එළියට..උඹ මොකක්ද කිව්වේ"ටවුම මැද චණ්ඩිපාට් දැම්ම අයියලා පොලිසිය කුදලන් ගිය හැටි
03:47
Video thumbnail
ජාතියේ ක#මෙට පහළ වෙච්ච ඇමතියෙක්..රජය මහ මෝල් හිමියන් එක්ක ලොකු ඩීල් එකක්..ගොවීන් කුපිත වෙයි
05:53
Video thumbnail
සජිත් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - බෙදීමෙන් රජ වෙන්න හදන්නේ
13:16
Video thumbnail
කුමාරයාගේ කුමාර රැගිලි ජනතාවට බලාගන්න පුළුවන්..විදුලි බිල ගැන ප්‍රබල හෙළිදරව්වක් මෙන්න
09:50
Video thumbnail
යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණයට අත් වූ ඉරණම
01:16
Video thumbnail
නැත නැත.. ගෑස් නැත
01:18
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවට ආ මෝටර් රථයක් අඩි 100ක ප්‍රපාතයක පෙරලෙයි
01:55
Video thumbnail
මුන්ට ගියපු රටක්නේ මේක - ලංකාවේ නීති දෙකයි
01:13


?