AFC Banner
AFC Banner
Empty Ad

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

කන්තලේ වාන් ඇල ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වාන් ඇල ජයන්තිපුර ප්‍රදේශයේ ගොවියෙකු මෙලෙස වන අලි ප්‍රහාරයකට ලක්ව කන්තලේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී යි මියගොස් ඇත්තේ.

අද අලුයම වාන් ඇල ප්‍රධාන මාර්ගයේදී ඔහුට වන අලියා පහරදී ඇතැයි සඳහන්. මියගොස් ඇත්තේ 50 හැවිරිදි දෙදරු පියෙක්.

මෘත ශරීරය කන්තලේ රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වාන් ඇල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?