වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

කන්තලේ වාන් ඇල ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වාන් ඇල ජයන්තිපුර ප්‍රදේශයේ ගොවියෙකු මෙලෙස වන අලි ප්‍රහාරයකට ලක්ව කන්තලේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී යි මියගොස් ඇත්තේ.

අද අලුයම වාන් ඇල ප්‍රධාන මාර්ගයේදී ඔහුට වන අලියා පහරදී ඇතැයි සඳහන්. මියගොස් ඇත්තේ 50 හැවිරිදි දෙදරු පියෙක්.

මෘත ශරීරය කන්තලේ රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වාන් ඇල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38