නවගත්තේගම, කැලේවැව, රජවිගම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 67ක පුද්ගලයෙක් වන අලි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහු ඊයේ (29) දින රාත්‍රියේ දී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
මිය ගිය පුද්ගලයා තමන්ට අයත් අක්කර 02ක් පමණවන පොල් ඉඩමක තනිව ජීවත් වී ඇති අතර ඔහු වන අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ද මෙම ඉඩම තුළ දී යි .
මියගිය පුද්ගලයාගේ මළ සිරුර ඔහුගේ සහෝදරයා විසින් දැක ඇති අතර පසුව සහෝදරයා විසින් ඒ පිළිබඳව නවගත්තේගම පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1




