20-20 ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා සම්මාන වෙනුවෙන් ක්‍රීඩකයින් අටක්

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා සම්මානය සඳහා නම් කරන ලද නාමයෝජනා ලැයිස්තුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

හෙට (08) පැවැත්වෙන අවසන් මහා තරඟයට පෙර කැපී තරගාවලියේ පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් අටදෙනෙක් මෙම ලැයිස්තුවට ඇතුළත්.

ඒ අනුව එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක විල් ජැක්ස් තරඟ අටකදී ලකුණු 226ක් ලබාගනිමින් සහ කඩුලු නවයක් දවාගනිමින්, තරගයේ වීරයා සම්මාන හතරක් ද සමඟින් මෙම ලැයිස්තුවට ඇතුළත්ව තිබෙනවා.

එමෙන්ම පාකිස්තාන ආරම්භක පිතිකරු සහිබ්සාඩා ෆර්හාන් ද මෙම ලැයිස්තුවට ඇතුළත්ව ඇති අතර, මවර තරගාවලියේ දී ඔහු 76.60 ක සාමාන්‍යයකින් සහ 160.25 ක ප්‍රහාරක වේගයකින් ලකුණු 383ක් රැස්කරගත් අතර, විස්සයි විස්ස ලෝක කුසලානයේ එක් සංස්කරණයකදී ශතක දෙකක් රැස් කළ ලොව පළමු ක්‍රීඩකයා බවට මෙවර ෆර්හාන් පත් වුණා.

දකුණු අප්‍රිකාවේ ලුන්ගි න්ගිඩි තරග හතකදී කඩුලු 12ක් දවාගනිමින් මෙම ලැයිස්තුවට ඇතුළත්ව ඇති අතර, එම කණ්ඩායමේ නායකයා වන ඒඩන් මාක්‍රම් තරග අටකදී අර්ධ ශතක තුනක් ද සමඟ ලකුණු 286ක් ලබාගෙන තරගාවලියේ වීරයා සම්මානය සඳහා නිර්දේශිත නාම අතරට පැමිණ තිබෙනවා.

එමෙන්ම නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක රචින් රවීන්ද්‍ර ද පිත්තෙන් සහ පන්දුවෙන් එක ලෙස දස්කම් දක්වමින් තරග අටකදී කඩුලු 11ක් සහ ලකුණු 128ක් ලබාගැනීමෙන් පසුව මෙම ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

මූලික වටයේ දී තරඟ හතරකදී පමණක් තරඟාවලියේ ඉහළම කඩුලු 13ක් ලබා ගැනීමෙන් පසු ඇමරිකා එක්සත් ජනපදයේ වේග පන්දු යවන ක්‍රීඩක ෂැඩ්ලි වැන් ෂාල්ක්වික් තරගාවලියේ වීරයා ලැයිස්තුවට ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

අවසන් පූර්ව තරගයේදී අර්ධ ශතකයක් ඇතුළුව තරග අටකදී ලකුණු 274ක් ලබා ගත් නවසීලන්ත කඩුලු රකින පිතිකරු ටිම් සයිෆර්ට් ද මීට ඇතුළත්ව සිටිනවා .

එමෙන්ම ඉන්දියාවේ සංජු සැම්සන් තරග හතරකදී ලකුණු 232ක් ලබා ගනිමින්, සුපිරි අට අදියරේදී සහ අවසන් පූර්ව තරගයේදී ජයග්‍රාහී ඉනිම් ක්‍රියාත්මක කිරීමත් සමඟ 2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා සම්මානය සඳහා නිර්දේශිත ක්‍රීඩකයින් අතරට ඇතුළත්.

විල් ජැක්ස් (එංගලන්තය)
සහිබ්සාඩා ෆර්හාන් (පකිස්තානය)
ලුන්ගි න්ගිඩි (දකුණු අප්‍රිකාව)
ඒඩන් මාක්‍රම් (දකුණු අප්‍රිකාව)
රචින් රවීන්ද්‍ර (නවසීලන්තය)
ෂැඩ්ලි වැන් ෂාල්ක්වික් (ඇමරිකාව)
ටිම් සයිෆර්ට් (නවසීලන්තය)
සංජු සැම්සන් (ඉන්දියාව)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14