වත්මන් රජයෙන් සුළු හා මධ්‍යම පාන්තික ප්‍රජාවට කොළඹින් නිවාස

සුළු හා මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති 05ක් ආරම්භ කරන බවට නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ; ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ඊට අදාළ එකඟතාව පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් චීන රජය වෙතින් ලබාගෙන ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

නිවාස සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර මේ වනවිට නවත්වා තිබෙන ව්‍යාපෘති 2024 වසර සඳහා වන නව අයවැය සමග යළි ඇරඹීමට පියවර ගන්නා බවයි හෙතෙම පැවසුවේ.

අපේ රට සියලුම භූ විෂමතාවලින් සමන්විත, දේශගුණික කලාපවලින්, ස්වභාවික සම්පත්වලින් බහුල සුන්දර දිවයිනක් බවත්; එහි වටිනා ඛනිජ සම්පත් සේ ම ලෝකයේ ස්වභාවික අනතුරු අවම රටක් වශයෙන් යහපත් ගුණාංග රැසක් ද රට තුළ ඇති බැවින් ඒවායෙන් උපරිම ප්‍රයෝජන ලබාගත යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

ඩොලර් මිලියන 350ක් මෙම ව්‍යාපෘති සඳහා වැය වන අතර එය ප්‍රදානයක් ලෙස ලබාදීමට චීන රජය විසින් ජනාධිපතිවරයාට එකඟතාව පළකර තිබෙනවා.

එයින් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් මේ වන විටත් ලැබී ඇති බවයි හෙතෙම අවධාරණය කළේ.

මෙය නිවාස 2500ක විශාල ව්‍යාපෘතියක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැමිණි සිටි අමුත්තන් අමතමින් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08
Video thumbnail
ගම අපිට සුද්ද කරලා දෙන්න කොහොමහරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි අයින් කරන්නම්
04:49

?