වත්මන් රජයෙන් සුළු හා මධ්‍යම පාන්තික ප්‍රජාවට කොළඹින් නිවාස

සුළු හා මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති 05ක් ආරම්භ කරන බවට නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ; ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ඊට අදාළ එකඟතාව පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් චීන රජය වෙතින් ලබාගෙන ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

නිවාස සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර මේ වනවිට නවත්වා තිබෙන ව්‍යාපෘති 2024 වසර සඳහා වන නව අයවැය සමග යළි ඇරඹීමට පියවර ගන්නා බවයි හෙතෙම පැවසුවේ.

අපේ රට සියලුම භූ විෂමතාවලින් සමන්විත, දේශගුණික කලාපවලින්, ස්වභාවික සම්පත්වලින් බහුල සුන්දර දිවයිනක් බවත්; එහි වටිනා ඛනිජ සම්පත් සේ ම ලෝකයේ ස්වභාවික අනතුරු අවම රටක් වශයෙන් යහපත් ගුණාංග රැසක් ද රට තුළ ඇති බැවින් ඒවායෙන් උපරිම ප්‍රයෝජන ලබාගත යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

ඩොලර් මිලියන 350ක් මෙම ව්‍යාපෘති සඳහා වැය වන අතර එය ප්‍රදානයක් ලෙස ලබාදීමට චීන රජය විසින් ජනාධිපතිවරයාට එකඟතාව පළකර තිබෙනවා.

එයින් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් මේ වන විටත් ලැබී ඇති බවයි හෙතෙම අවධාරණය කළේ.

මෙය නිවාස 2500ක විශාල ව්‍යාපෘතියක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැමිණි සිටි අමුත්තන් අමතමින් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39