AFC Banner
Empty Ad
Empty Ad

වත්තේගම මාරක රිය අනතුරක් – මව හා දියණිය මරුට

වත්තේගම සිට අනුරාධපුරේ වන්දනාවේ යමින් සිටි ත්‍රීරෝද රථයක් අනතුරට ලක් වීමෙන් අද (22) දින එකම පවුලේ මව සහ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම ත්‍රීරෝද රථය බස් රථයක ගැටීමෙන් රිය අනතුර සිදු ව ඇති බවයි.

එකම පවුලේ මව, පියා, පුතා හා දියණිය ඔවුන්ගේ ත්‍රීරෝද රථයෙන් අනුරාධපුරය බලා පිටත් ව ගොස් ඇත්තේ පොසොන් පොහොයට වන්දනා ගමනක් ලෙස බවත් වාර්තා වනවා.

මාතලේ – පලාපත්වල කිරුළුගම ප්‍රදේශයේ දී දඹුල්ල ප්‍රදේශයේ සිට මහනුවර දෙසට ගමන් කළ බස් රථයක් සමග මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ ධම්මිකා පද්මිණී නම් 54 හැවිරිදි කාන්තාවක් හා සචිනි තාරකා නම් 17 හැවිරිදි දියණියයි.

ත්‍රීරෝද රථය පැදවූ පුතා හා පිටුපස ගමන් කළ පියා මේ වනවිට මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු මාතලේ පොලිසිය මගින් සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
1
+1
23
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?