වත්තේගම මාරක රිය අනතුරක් – මව හා දියණිය මරුට

වත්තේගම සිට අනුරාධපුරේ වන්දනාවේ යමින් සිටි ත්‍රීරෝද රථයක් අනතුරට ලක් වීමෙන් අද (22) දින එකම පවුලේ මව සහ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම ත්‍රීරෝද රථය බස් රථයක ගැටීමෙන් රිය අනතුර සිදු ව ඇති බවයි.

එකම පවුලේ මව, පියා, පුතා හා දියණිය ඔවුන්ගේ ත්‍රීරෝද රථයෙන් අනුරාධපුරය බලා පිටත් ව ගොස් ඇත්තේ පොසොන් පොහොයට වන්දනා ගමනක් ලෙස බවත් වාර්තා වනවා.

මාතලේ – පලාපත්වල කිරුළුගම ප්‍රදේශයේ දී දඹුල්ල ප්‍රදේශයේ සිට මහනුවර දෙසට ගමන් කළ බස් රථයක් සමග මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ ධම්මිකා පද්මිණී නම් 54 හැවිරිදි කාන්තාවක් හා සචිනි තාරකා නම් 17 හැවිරිදි දියණියයි.

ත්‍රීරෝද රථය පැදවූ පුතා හා පිටුපස ගමන් කළ පියා මේ වනවිට මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු මාතලේ පොලිසිය මගින් සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46