වත්තල, හේකිත්ත ප්‍රදේශයේ දෙමල් නිවසක සිටි පුද්ගලයෙකුට ත්‍රීරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් සිව්දෙනෙකු විසින් තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කර තිබෙනවා.
පොලිසිය පවසන්නේ ඊයේ (19) රාත්‍රී කාලයේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා වයස අවුරුදු 43ක හේකිත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයා මහල් නිවසේ ඉහළ මහලේ කුලී පදනම මත සිට ඇති අතර, ඔහු 2023 වර්ෂයේ මහබාගේ පොලිස් වසමේ සිදු වූ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබලදුන් පුද්ගලයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වත්තල පොලසියවැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
1
+1
1





