ලෝක බැංකු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි

ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මල්පාස් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඔහු සිය ධූර කාලය අවසන්වීමට පෙර ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර ඇති බවයි.

ඒ අනුව ඩේවිඩ් මල්පාස් ලබන ජුනි මස 30 වනදා ලෝක බැංකුවේ සභාපති ධූරයෙන් ඉවත්වීමට නියමිතව තිබෙනවා.

ලොව ප්‍රමුඛතම සංවර්ධන ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට ලැබීම ගෞරවයක් බවයි සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් ඔහු සඳහන් කළේ.

සංවර්ධන වෙමින් පවතින රටවල් අර්බුධ රැසකට මුහුණ දෙමින් සිටින පසුබිමක් තුළ ලෝක බැංකුව වේගයෙන්, නව්‍යකරණයෙන් යුතුව ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් තමන් ආඩම්බර වන බව ද ඔහු සඳහන් කළා.

ලොව රටවල් 187 කින් සමන්විත ලෝක බැංකුව, සංවර්ධනය වෙමින් පවතින රටවලට දරිද්‍රතාවය අවම කිරීම වෙනුවෙන් ණය ලබාදීම සිදු කරනවා. ලෝක බැංකුවේ විශාලතම කොටස්කරුවා වන අමෙරිකාව විසින් සම්ප්‍රදායක් ලෙස එහි සභාපතිවරයා තෝරා පත් කරනු ලබනවා.

වත්මන් සභාපති ඩේවිඩ් මල්පාස් එම ධූරයට තෝරා පත් කරනු ලැබුවේ අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රප්ම් විසින්. ඒ 2019 වසරේදීයි.

ලෝක බැංකුවේ සභාපති ලෙස කටයුතු කිරීමේදී ගතවූ වසර කිහිපය තුළ ඩේවිඩ් මල්පාස් හට අභියෝග කිහිපයකටම මුහුණ දීමට සිදුවුණා. කොවිඩ් වසංගතය හා යුක්රේන යුද්ධය ඒ අතරින් ප්‍රමුඛයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10