ලොව ප්‍රථම නේවාසික සරසවිය වන ‘නාලන්දාව’ යළි පිබිදෙයි

ලෝකයේ පළමු නේවාසික විශ්වවිද්‍යාලය වන නාලන්දාවේ නව මණ්ඩපයක් ප්‍රතිසංස්කරණය කර යළි විවෘත කර තිබෙනවා.

පසුගියදා (19) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසිනුයි මෙම සරසවිය යළිත් මහජනතාවට විවෘත කළේ.

නාලන්දා විශ්වවිද්‍යාලයට බොහෝ ආසියාතික රටවලින් අධ්‍යයන සහ පර්‍යේෂණ කටයුතු සඳහා නවකයින් පැමිණෙන බව ද අග්‍රාමාත්‍ය මෝදි සඳහන් කළා.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ රාජ්ගීර් ප්‍රදේශයේ මෙම සරසවිය පිහිටා තිබෙනවා.

මෙම සරසවියේ නව මණ්ඩප‍යක් පැරණි නාලන්දා මහා විහාරස්ථානයට කිලෝමිටර් 20කටත් වඩා අඩු දුරකින් ඉදි කර තිබීම ද මෙහි වැදගත්බව සහ සංස්කෘතික උරුමය වැඩි කිරීමට ද හේතුවක් වී ඇති බවයි මෝදි පැවසුවේ.

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සැලකෙන නාලන්දා විශ්වවිද්‍යාලය ඉන්දීය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් ලෙසට සැලකෙනවා.

නාලන්දා සරසවියේ ඇති පර්‍යේෂණ, සාහිත්‍ය ග්‍රන්ථ ආදිය විනාශ වුව ද, එයින් සමාජයට ලබාදෙන දැනුම කිසිදා විනාශ කළ නොහැකි බව ද මෝදි අගමැති පැවසුවා.

නාලන්දාවේ ඓතිහාසික වැදගත්කම ඉස්මතු කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එය රටේ අතීතයේ පුනරුදය සංකේතවත් කරන අතර ආසියාව ඇතුළු විවිධ රටවල උරුමයන් පිළිබිඹු කරන බවයි.

මෙම උත්සව අවස්ථාවට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර්, බිහාර් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය නිටිෂ් කුමාර් ඇතුළු ආසියාතික රාජ්‍යයන් මෙන් ම හවුල්කාර රාජ්‍යයන් 17ක නියෝජිතයින් ද මීට එක් වූ බවයි වාර්තා වන්නේ.

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය, ඔස්ට්‍රෙලියාව, බංග්ලාදේශය, භූතානය, බෲනායි, කාම්බෝජය, චීනය, ඉන්දුනීසියාව, ලාඕසය, මොරිෂස්, මියන්මාරය, නවසීලන්තය, පෘතුගාලය, සිංගප්පූරුව, දකුණු කොරියාව, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් මෙම උත්සව අවස්ථාවට එක් වූ ආරාධිතයින් වූ අතර; නාලන්දා විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සඳහා සහාය පළ කරමින් අවබෝධතා ගිවිසුමක් ද (MoU) අත්සන් කෙරුණා.

ප්‍රථම නේවාසික සහ දෙවන පැරණිතම විශ්වවිද්‍යාලය වන නාලන්දා බෞද්ධ මහාවිහාරයේ යළි ඉදිකරමින් ඉන්දීය පාර්ලිමේන්තුව විසින් ව්‍යවස්ථාදායක පනතක් මගින් නූතන නාලන්දා විශ්වවිද්‍යාලය 2010 දීයි නැවත ස්ථාපිත කරන ලද්දේ.

ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය පිහිටුවීමේ යෝජනාවක් සාමාජික රටවල් විසින් 2009 දී තායිලන්තයේ චා-අම් හුවා හින්හි පැවති 4 වන නැගෙනහිර ආසියානු සමුළුවේ දී නාලන්දා සරසවිය වෙනුවෙන් අනුමත කෙරුණා.

2014 සැප්තැම්බර් වන විට නාලන්දා විශ්වවිද්‍යාලයේ පුනර්ජීවනය සනිටුහන් කරමින් එහි පළමු ශිෂ්‍ය කණ්ඩායම ද බඳවාගත් අතර; පසුව, බිහාර් ප්‍රාන්ත රජය විසින් නව සරසවිය සඳහා අක්කර 455ක් වෙන් කිරීමටයි පියවර ගැනුණේ.

නොබෙල් ත්‍යාගලාභී අමර්‍ත්‍යා සෙන්ගේ ප්‍රධානත්වයෙන් යුත් නාලන්දා උපදේශක කණ්ඩායමේ සාමාජිකයින් ඒකාබද්ධ ප්‍රකාශය අනුව නාලන්දා විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ලබාදුන් දායකත්වය සහ නිර්දේශ ආසියාතික සාමාජික රටවල් අගය කිරීම ද මෙම උත්සවයේ දී සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?