ලොව ප්‍රථම නේවාසික සරසවිය වන ‘නාලන්දාව’ යළි පිබිදෙයි

ලෝකයේ පළමු නේවාසික විශ්වවිද්‍යාලය වන නාලන්දාවේ නව මණ්ඩපයක් ප්‍රතිසංස්කරණය කර යළි විවෘත කර තිබෙනවා.

පසුගියදා (19) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසිනුයි මෙම සරසවිය යළිත් මහජනතාවට විවෘත කළේ.

නාලන්දා විශ්වවිද්‍යාලයට බොහෝ ආසියාතික රටවලින් අධ්‍යයන සහ පර්‍යේෂණ කටයුතු සඳහා නවකයින් පැමිණෙන බව ද අග්‍රාමාත්‍ය මෝදි සඳහන් කළා.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ රාජ්ගීර් ප්‍රදේශයේ මෙම සරසවිය පිහිටා තිබෙනවා.

මෙම සරසවියේ නව මණ්ඩප‍යක් පැරණි නාලන්දා මහා විහාරස්ථානයට කිලෝමිටර් 20කටත් වඩා අඩු දුරකින් ඉදි කර තිබීම ද මෙහි වැදගත්බව සහ සංස්කෘතික උරුමය වැඩි කිරීමට ද හේතුවක් වී ඇති බවයි මෝදි පැවසුවේ.

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සැලකෙන නාලන්දා විශ්වවිද්‍යාලය ඉන්දීය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් ලෙසට සැලකෙනවා.

නාලන්දා සරසවියේ ඇති පර්‍යේෂණ, සාහිත්‍ය ග්‍රන්ථ ආදිය විනාශ වුව ද, එයින් සමාජයට ලබාදෙන දැනුම කිසිදා විනාශ කළ නොහැකි බව ද මෝදි අගමැති පැවසුවා.

නාලන්දාවේ ඓතිහාසික වැදගත්කම ඉස්මතු කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එය රටේ අතීතයේ පුනරුදය සංකේතවත් කරන අතර ආසියාව ඇතුළු විවිධ රටවල උරුමයන් පිළිබිඹු කරන බවයි.

මෙම උත්සව අවස්ථාවට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර්, බිහාර් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය නිටිෂ් කුමාර් ඇතුළු ආසියාතික රාජ්‍යයන් මෙන් ම හවුල්කාර රාජ්‍යයන් 17ක නියෝජිතයින් ද මීට එක් වූ බවයි වාර්තා වන්නේ.

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය, ඔස්ට්‍රෙලියාව, බංග්ලාදේශය, භූතානය, බෲනායි, කාම්බෝජය, චීනය, ඉන්දුනීසියාව, ලාඕසය, මොරිෂස්, මියන්මාරය, නවසීලන්තය, පෘතුගාලය, සිංගප්පූරුව, දකුණු කොරියාව, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් මෙම උත්සව අවස්ථාවට එක් වූ ආරාධිතයින් වූ අතර; නාලන්දා විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සඳහා සහාය පළ කරමින් අවබෝධතා ගිවිසුමක් ද (MoU) අත්සන් කෙරුණා.

ප්‍රථම නේවාසික සහ දෙවන පැරණිතම විශ්වවිද්‍යාලය වන නාලන්දා බෞද්ධ මහාවිහාරයේ යළි ඉදිකරමින් ඉන්දීය පාර්ලිමේන්තුව විසින් ව්‍යවස්ථාදායක පනතක් මගින් නූතන නාලන්දා විශ්වවිද්‍යාලය 2010 දීයි නැවත ස්ථාපිත කරන ලද්දේ.

ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය පිහිටුවීමේ යෝජනාවක් සාමාජික රටවල් විසින් 2009 දී තායිලන්තයේ චා-අම් හුවා හින්හි පැවති 4 වන නැගෙනහිර ආසියානු සමුළුවේ දී නාලන්දා සරසවිය වෙනුවෙන් අනුමත කෙරුණා.

2014 සැප්තැම්බර් වන විට නාලන්දා විශ්වවිද්‍යාලයේ පුනර්ජීවනය සනිටුහන් කරමින් එහි පළමු ශිෂ්‍ය කණ්ඩායම ද බඳවාගත් අතර; පසුව, බිහාර් ප්‍රාන්ත රජය විසින් නව සරසවිය සඳහා අක්කර 455ක් වෙන් කිරීමටයි පියවර ගැනුණේ.

නොබෙල් ත්‍යාගලාභී අමර්‍ත්‍යා සෙන්ගේ ප්‍රධානත්වයෙන් යුත් නාලන්දා උපදේශක කණ්ඩායමේ සාමාජිකයින් ඒකාබද්ධ ප්‍රකාශය අනුව නාලන්දා විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ලබාදුන් දායකත්වය සහ නිර්දේශ ආසියාතික සාමාජික රටවල් අගය කිරීම ද මෙම උත්සවයේ දී සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ඩෙංගු වෛරසය වෙනදට වඩා දරුණු තත්ත්වයක තියෙන්නේ - ඉක්කමනින් නිරෝගී පුද්ගලයින් රෝගී කරනවා
06:33
Video thumbnail
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හූ කියලා පන්නයි - හැටන් දික්ඔය නගර සභාව උණුසුම්
11:29
Video thumbnail
PUCSL එකට ගිහින් රටට වෙන්න යන විනාශය දයාසිරි හෙළිකරයි - විදුලි කප්පාදුවකට මුළු රටටම මුහුණ දෙන්න වෙයි
11:43
Video thumbnail
බොරලු කියලා පස් දාලා පාරවල් හදලා සංවර්ධනය කරනවා කියලා පෙන්නනවා
06:26
Video thumbnail
ඊයේ රෑ ගල්කිස්සේ වැරදුණු වෙ#ල්ලේ මෙන්න තවත් දර්ශන - වෙ#ක්කරුවන් එන හැටි
02:32
Video thumbnail
ගොවීන් ආණ්ඩුවේ ගුණ වයයි - අපි සතුටින් ඉන්නේ, කිසිම ප්‍රශ්නයක් නෑ
04:54
Video thumbnail
අපේ ඇමතිවරු කවුරුත් බංගලාවල නැහැ - දීපු පොරොන්දු ඉටුකරනවා
14:24
Video thumbnail
මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්න අපි හැමදාම සටන් කරනවා
04:13
Video thumbnail
උණ නම් වෙන වෙන ප්‍රතිකාර ගන්න එපා - රෝහලට යන්න
03:21
Video thumbnail
ජයටම කරගෙන ගංජා වගාවක් සමනලවැව පොලිසියෙන් වටලයි
01:32