spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලොව ඉහළම ආහාර මිල උද්ධමනය සහිත රටවල් අතර සිව්වන ස්ථානයට ශ්‍රී ලංකාව

ආහාර මිල උද්ධමනය සහිත රටවල් අතර ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයට පැමිණ ඇති බව ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ලෝක බැංකුවේ නවතම වාර්තාවෙන් අනාවරනය කරයි.

එහිදී අනාවරනය වී ඇති පරිදි උද්ධමනය 353% ක් වන සිම්බාබ්වේ පළමු ස්ථානයට පත්ව ඇති අතර ලෙබනනය 240% ක් සමග දෙවන ස්ථානයට පත්ව ඇත. වෙනිසියුලාව 131% උද්ධමන අගයක් සමග තුන්වන ස්ථානයට පත්ව තිබේ.ශ්‍රී ලංකාව එහි සිව්වැනි ස්ථානය ගනියි.ඒ 91% උද්ධමන අගයක් වාර්තා කරමිනි.

ලෝක බැංකුවේ දත්ත වලට අනුව 2021 සැප්තැම්බර් මාසයේදී 9.9% ක් වූ ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය, 2022 අප්‍රේල් මාසයේ 45.1%ක් වශයෙන්ද, 2022 ජූලි මාසයේ 90.9%ක් දක්වාද මාස හතරක කාලසීමාවක් ඇතුළත විශාල ලෙස ඉහළගොස් තිබේ.

වැඩිදුරටත් ලෝක බැංකුව පෙන්වාදෙන්නේ උද්ධමනය ලොව පුරා ඉහළ මට්ටමක පවතින අතර, අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල් සියල්ලේම පාහේ ඉහළ ආහාර මිල උද්ධමනයක් අඛණ්ඩව පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?