Empty Ad
Empty Ad
AFC Banner

ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ පෙළපොත් සකස් කිරීමට කමිටුවක්

පාසල් සිසුන් සඳහා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ පෙළපොත් සකස් කිරීමටත් ඊට අදාළ විවිධ පාර්ශ්ව දැනුවත් කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් විශේෂ කමිටුවක් පත්කරන ලෙස ‘ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ’ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය අමාත්‍යාංශ බලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනිය මෙම දැනුම්දීම සිදුකළේ පාර්ලිමේන්තුවේදී එම කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි.

මෙම රැස්වීමට සහභාගී වූ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති විවිධ ආයතන, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යන ආයතවල නියෝජිතයන් ද මෙම කමිටුවට ඇතුළත් වන පරිදි එය පිහිටුවන ලෙසත් අදාළ සම්බන්ධීකරණ කටයුතුවල ප්‍රධාන වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය භාර ගන්නා ලෙසත් රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය මෙහිදී උපදෙස් දී තිබෙනවා.

මෙම කමිටුවේ වගකීම් මාස තුනක් ඇතුළත අවසන් කළ යුතු අතර ඒ සඳහා වන කාලරාමුවක් මීළඟ රැස්වීමේදී සකස් කිරීමට අපේක්ෂා කරන බවයි ඇය ප්‍රකාශ කළේ.

වයස අවුරුදු 16 ඉක්මවූ පාසල් සිසුන්ව ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමට දැනටමත් පෙළපොත් සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් කාරක සභාව හමුවේ සඳහන් කර තිබෙනවා.

එසේ වුව ද දරුවාගේ මනසට ගැළපෙන පරිදි කුඩාකල සිටම ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව දරුවන්ව දැනුවත් කිරීමේ අවශ්‍යතාවක් පවතින බැවින් ඒ සඳහා පෙළපොත් සකස් කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කළ යුතු බවයි කමිටුව විසින් අවධාරණය කර ඇත්තේ.

මෙම වැඩසටහනේ පළමු අදියරේදී ‍පෙළ පොත් මුද්‍රණය නොකළ ද අන්තර්ජාලය හරහා සිසුන්ට පරිශීලනය කිරීමට අවස්ථාව ලබා දිය හැකි බවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ලිංගික අපයෝජනවලින් ආරක්ෂා කර ගැනීම සදහා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ආගමික නායකයන්, දෙමාපියන්, ජනමාධ්‍ය ඇතුළු අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමේ වැඩසටහන් ද කමිටුව විසින් සංවිධානය කළ යුතු බව ද මෙහිදී අවධාරණය කෙරුණා.

විවාහයෙන් පසුව පවුල් සෞඛ්‍ය නිලධාරී කාර්යාලය මගින් කාන්තාවන්ට ලබා දෙන දැනුවත් කිරීම්වලදී ද ඔවුන්ගේ දරුවන් අනාගතයේ ලිංගික අපයෝජනවලින් ආරක්ෂා කරගැනීම පිළිබඳව අවබෝධය ලබා දිය යුතු බවටත් මෙහිදී යෝජනා වී තිබෙනවා.

‘ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ’ නියෝජ්‍ය සම සභාපතිනිය වන (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද වීරසුමන වීරසිංහ, මංජුලා දිසානායක, මුදිතා ප්‍රිශාන්ති යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ද කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීසර්ලා එක්ක එකතුවෙලා OIC දාපු සෙල්ලම් මාට්ටු - මෙන්න හඬපටය
30:47
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
01:13
Video thumbnail
මොනවා නැතත් හැමදාම Show නම් දානවා - වසන්ත අද කියන පම්පෝරිය
05:50
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05

?