AFC Banner
AFC Banner
Empty Ad

ලිංගික අල්ලස් ගන්න ගිය පොලිස් නිලධාරියා අත්අඩංගුවට

ලිංගික අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත උප පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්මුණේ මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරී කළ උප පොලිස් පරීක්ෂකවරයෙක්.

වරිපතනම්චේනෛ ප්‍රදේශයේ පදිංචාරියක වන පැමිණිලිකාරියට එරෙහිව කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවක් පසුගිය බදාදා විභාගයට ගැනීමට නියමිතව තිබුණා.

එහිදී පැමිණිලිකාරියට වාසිදායක වන ආකාරයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කිරීමටත්, සතියකට වරක් පොලිස් ස්ථානයේ අත්සන් කිරීමට ඇති නියෝගය මාසයකට වරක් වශයෙන් දීර්ඝ කිරීමටත් අවශ්‍ය කටයුතු සලසා දීම සඳහා සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා මෙලෙස ලිංගික අල්ලස් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව අල්ලස් වශයෙන් ලිංගික අල්ලස් ලබාගැනීමට තැත් කිරීමේදීයි සැකකරු කල්මුණේ ප්‍රදේශයේ හෝටලයකදී අත්අඩංගුවටගෙන ඇත්තේ.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සමන්තුරේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
11
+1
3
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?