ලිංගික අල්ලස් ගන්න ගිය පොලිස් නිලධාරියා අත්අඩංගුවට

ලිංගික අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත උප පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්මුණේ මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරී කළ උප පොලිස් පරීක්ෂකවරයෙක්.

වරිපතනම්චේනෛ ප්‍රදේශයේ පදිංචාරියක වන පැමිණිලිකාරියට එරෙහිව කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවක් පසුගිය බදාදා විභාගයට ගැනීමට නියමිතව තිබුණා.

එහිදී පැමිණිලිකාරියට වාසිදායක වන ආකාරයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කිරීමටත්, සතියකට වරක් පොලිස් ස්ථානයේ අත්සන් කිරීමට ඇති නියෝගය මාසයකට වරක් වශයෙන් දීර්ඝ කිරීමටත් අවශ්‍ය කටයුතු සලසා දීම සඳහා සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා මෙලෙස ලිංගික අල්ලස් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව අල්ලස් වශයෙන් ලිංගික අල්ලස් ලබාගැනීමට තැත් කිරීමේදීයි සැකකරු කල්මුණේ ප්‍රදේශයේ හෝටලයකදී අත්අඩංගුවටගෙන ඇත්තේ.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සමන්තුරේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16