ලන්ඩනයේ නව සුපිරි තානාපති කාර්යාලයක් සඳහා චීනයේ අයදුම්පත අනුමත කළ යුතු ද යන්න පිළිබඳ තීරණය රජය විසින් නැවතත් ප්‍රමාද කර තිබෙනවා.
නිවාස ලේකම් ස්ටීව් රීඩ් ඔක්තෝබර් 21 වන දිනට අයදුම්පත සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදීමට නියමිතව තිබුණ ද, අවසාන දිනය දෙසැම්බර් 10 දක්වා කල් දමා ඇතැයි බීබීසී වාර්තා කළා.
මතභේදාත්මක ස්ථානය පිළිබඳ තීරණයක් රජය ප්‍රමාද කළ දෙවන අවස්ථාව මෙය වන අතර, එහි පිහිටීම ඔත්තු බැලීමේ අවදානමක් ඇති කළ හැකි බවට කනස්සල්ලට හේතු වී තිබෙනවා.
2018 දී ලන්ඩන් කුළුණ අසල රෝයල් මින්ට් ගොඩනැගිල්ල යෝජිත නව තානාපති කාර්යාලය සඳහා චීනය පවුම් මිලියන 255 කට මිලදී ගත්තා.
වර්ග මීටර් 20,000 ක වපසරියකින් යුත් යෝජිත සංකීර්ණය ඉදි කෙරුණහොත් එය යුරෝපයේ විශාලතම තානාපති කාර්යාලය වනු ඇති.
ගොඩනැගිල්ලේ පිහිටීම, ප්‍රමාණය සහ සැලසුම ඇතුළුව සැලැස්මේ ආරක්ෂක ඇඟවුම් පිළිබඳ ගැටළු හේතුවෙන් නව තානාපති කාර්යාලය අනුමත කළ යුතුද යන්න පිළිබඳ අපේක්ෂිත තීරණය දැනටමත් සමීප පරීක්ෂාවට ලක්ව තිබුණා.
මෙම ස්ථානය ලන්ඩන් නගරයේ මූල්‍ය ආයතන වෙත සහ ඉන් පිටතට සන්නිවේදනය ගෙන යන ෆයිබර් ඔප්ටික් කේබල් වලට ආසන්නව පිහිටා තිබීම කණස්සල්ලට මූලික හේතුවයි.
කේබල්වලට හානි කිරීමට සහ රහසිගතව සවන්දීමට චීන ක්‍රියාකාරීන්ට මෙම භූමිය භාවිත කළ හැකි බවට කනස්සල්ල මතු වී තිබෙනවා.





