AFC Banner
Empty Ad
Empty Ad

ලංවිම ප්‍රතිව්‍යුහවගත කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක්

විදුලිබල මණ්ඩලයේ යෝජිත ප්‍රතිව්‍යුහවගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ (07) පවත්වා තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ අමෙරිකා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ආයතනයේ ආසියානු කලාපයේ නියෝජ්‍ය සහකාර පරිපාලක අන්ජලී කෞර් සහ මෙරට එම ආයතනයේ නියෝජිතයින් සමඟ මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

විදුලිබල මණ්ඩලයේ යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සහ එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාගැනීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් විදුලි ජනන පද්ධතියට එකතු කිරීමට අවශ්‍ය සහයෝගය ලබාගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?