ලංවිම ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් – වහාම පාරිභෝගිකයින්ට පොලී මුදල් ගෙවන්න

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි සැපයුම් ලබාදීමේ දී පාරිභෝගිකයින්ගෙන් ලබාගෙන ඇති සුරක්ෂිත තැන්පතු මුදල් සඳහා ගෙවිය යුතු වාර්ෂික පොලී මුදල් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලංකා විදුලිබල මණ්ඩලයට නියෝග කර තිබෙනවා.

අද (28) පෙරවරුවේ මෙම නඩුව එස්. තුරෙයිරාජා, සෝභිත රාජකරුණා ඇතුළු ත්‍රිපුද්ගල අධිකරණ විනිසුරු මණ්ඩලයක් ඉදිරියේ දී කැඳවමින් ඊට අදාළ තීන්දුව ලබා දුන්නා.

2024 වර්ෂයේ ජනවාරි මස 30 වැනි දින ලංවිම විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද මෝසම් පත්‍රය ආකාරයට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවන ලද සියයට 11.67ක වාර්ෂික පොලිය ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින්ට මෙන් ම අනෙකුත් විදුලි පාරිභෝගිකයින්ට ගෙවිය යුතු බව අධිකරණය නියෝග කර සිටියා.

ලංකා විදුලිබල පනතේ 28 (03) ප්‍රකාරව ලබාගෙන ඇති වාර්ෂික පොලි මුදල පාරිභෝගිකයින්ට ගෙවන ලෙස ඉල්ලා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති පාරිභෝගිකයින්ගේ සංගමය එම සංගමයේ සභාපති මහේෂ බණ්ඩාර ඉලංගසිංහ, ලේකම් ප්‍රසාද් භාතිය අමරකෝන් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ විට එම නියෝගය නිකුත් කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා, එම අමාත්‍යාංශයේ ලේකම්, නීතිපති, මහජන උපයෝගීතා කොමිසමේ වගඋත්තකරුවන් මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස නම්කර සිටියා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ආචාර්‍යය ජ්‍යේෂ්ඨ නීතිඥ බන්දුලනාත් දාබරේ පෙනී සිටි අතර වග උත්තකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ රජයේ අධිනීතිඥ සුරේකා අහමඩ් මහත්මියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57


?