ලංවිම ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් – වහාම පාරිභෝගිකයින්ට පොලී මුදල් ගෙවන්න

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි සැපයුම් ලබාදීමේ දී පාරිභෝගිකයින්ගෙන් ලබාගෙන ඇති සුරක්ෂිත තැන්පතු මුදල් සඳහා ගෙවිය යුතු වාර්ෂික පොලී මුදල් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලංකා විදුලිබල මණ්ඩලයට නියෝග කර තිබෙනවා.

අද (28) පෙරවරුවේ මෙම නඩුව එස්. තුරෙයිරාජා, සෝභිත රාජකරුණා ඇතුළු ත්‍රිපුද්ගල අධිකරණ විනිසුරු මණ්ඩලයක් ඉදිරියේ දී කැඳවමින් ඊට අදාළ තීන්දුව ලබා දුන්නා.

2024 වර්ෂයේ ජනවාරි මස 30 වැනි දින ලංවිම විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද මෝසම් පත්‍රය ආකාරයට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවන ලද සියයට 11.67ක වාර්ෂික පොලිය ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින්ට මෙන් ම අනෙකුත් විදුලි පාරිභෝගිකයින්ට ගෙවිය යුතු බව අධිකරණය නියෝග කර සිටියා.

ලංකා විදුලිබල පනතේ 28 (03) ප්‍රකාරව ලබාගෙන ඇති වාර්ෂික පොලි මුදල පාරිභෝගිකයින්ට ගෙවන ලෙස ඉල්ලා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති පාරිභෝගිකයින්ගේ සංගමය එම සංගමයේ සභාපති මහේෂ බණ්ඩාර ඉලංගසිංහ, ලේකම් ප්‍රසාද් භාතිය අමරකෝන් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ විට එම නියෝගය නිකුත් කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා, එම අමාත්‍යාංශයේ ලේකම්, නීතිපති, මහජන උපයෝගීතා කොමිසමේ වගඋත්තකරුවන් මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස නම්කර සිටියා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ආචාර්‍යය ජ්‍යේෂ්ඨ නීතිඥ බන්දුලනාත් දාබරේ පෙනී සිටි අතර වග උත්තකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ රජයේ අධිනීතිඥ සුරේකා අහමඩ් මහත්මියයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39