රෝහිත්ගෙන් හිස් වූ ටෙස්ට් නායකත්වයට ගිල්?

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා සිය ටෙස්ට් ක්‍රිකට් ජීවිතයෙන් විශ්‍රාම ගන්නා බවට නිල වශයෙන් ඊයේ (07) දිනයේ දී නිවේදනය කිරීමත් සමග එම නායකත්වයට ඉන්දීය ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් පත්වීමේ ඉඩකඩක් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

දක්වන ලද දක්ෂතාවන්ගෙන් ද මේ වනවිට නායකත්වය සඳහා වන සටනේ පෙරමුණ ගෙන සිටින්නේ ද ගිල් වීම මෙහි වැඩි දෙනාගේ අවධානයට ලක් වීමට හේතු වූ කරුණක්.

ශුබ්මන් ගිල් ඉන්දියාව වෙනුවෙන් කිසිම අවස්ථාවක එක්දින හෝ ටෙස්ට් තරග සඳහා නායකත්වය ලබා දී නොමැති වුව ද පන්දුවාර 20 ක්‍රිකට් තරග 05ක දී තම නායකත්වය ඉන්දීය කණ්ඩායමට ලබා දී තිබෙනවා.

මෙම වසරේ ජුනි මස 20 වැනි දින හෙඩින්ග්ලි හි දී ඉන්දීය – එංගලන්ත ටෙස්ට් සංචාරය සඳහා සහ පූර්ණ කාලීන ටෙස්ට් නායකයා වශයෙන් ගිල් පත්වනු ඇතැයි විශ්වාස කටයුතු ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

අජිත් අගාර්කර්ගේ නායකත්වයෙන් යුත් තේරීම් මණ්ඩලය මේ මස අග දී රැස්වන විට සංචිතය තෝරා ගැනීමට අපේක්ෂා කෙරෙනවා.

එම තරගාවලිය ඉන්දියාව සඳහා ඊළඟ ලෝක ටෙස්ට් ශූරතාවලියේ (WTC) චක්‍රය ආරම්භ කිරීමත් සමඟ, තේරීම්කරුවන්ට දිගුකාලීන දැක්මක් ඇති නායකයෙකු අවශ්‍ය බව වටහාගෙන තිබෙනවා.

එබැවින් 25 හැවිරිදි ගිල් ඉන්දියාවේ වඩාත් කැමතිම හා සුදුසුම විකල්පය වනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?