රෝහිත්ගෙන් හිස් වූ ටෙස්ට් නායකත්වයට ගිල්?

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා සිය ටෙස්ට් ක්‍රිකට් ජීවිතයෙන් විශ්‍රාම ගන්නා බවට නිල වශයෙන් ඊයේ (07) දිනයේ දී නිවේදනය කිරීමත් සමග එම නායකත්වයට ඉන්දීය ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් පත්වීමේ ඉඩකඩක් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

දක්වන ලද දක්ෂතාවන්ගෙන් ද මේ වනවිට නායකත්වය සඳහා වන සටනේ පෙරමුණ ගෙන සිටින්නේ ද ගිල් වීම මෙහි වැඩි දෙනාගේ අවධානයට ලක් වීමට හේතු වූ කරුණක්.

ශුබ්මන් ගිල් ඉන්දියාව වෙනුවෙන් කිසිම අවස්ථාවක එක්දින හෝ ටෙස්ට් තරග සඳහා නායකත්වය ලබා දී නොමැති වුව ද පන්දුවාර 20 ක්‍රිකට් තරග 05ක දී තම නායකත්වය ඉන්දීය කණ්ඩායමට ලබා දී තිබෙනවා.

මෙම වසරේ ජුනි මස 20 වැනි දින හෙඩින්ග්ලි හි දී ඉන්දීය – එංගලන්ත ටෙස්ට් සංචාරය සඳහා සහ පූර්ණ කාලීන ටෙස්ට් නායකයා වශයෙන් ගිල් පත්වනු ඇතැයි විශ්වාස කටයුතු ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

අජිත් අගාර්කර්ගේ නායකත්වයෙන් යුත් තේරීම් මණ්ඩලය මේ මස අග දී රැස්වන විට සංචිතය තෝරා ගැනීමට අපේක්ෂා කෙරෙනවා.

එම තරගාවලිය ඉන්දියාව සඳහා ඊළඟ ලෝක ටෙස්ට් ශූරතාවලියේ (WTC) චක්‍රය ආරම්භ කිරීමත් සමඟ, තේරීම්කරුවන්ට දිගුකාලීන දැක්මක් ඇති නායකයෙකු අවශ්‍ය බව වටහාගෙන තිබෙනවා.

එබැවින් 25 හැවිරිදි ගිල් ඉන්දියාවේ වඩාත් කැමතිම හා සුදුසුම විකල්පය වනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
අද දිනයෙන් බොහෝ ප්‍රදේශවලට තද වැසි - ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක්
02:07
Video thumbnail
චමින්ද නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - හරිනි පෙන්නලා රට කෑවා වගේ වැඩක් මේ
07:36
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා හැටන් සහ නුවරඑළිය කලාපයේ පාසල් 306ක් වැසෙයි
00:39
Video thumbnail
වැල්ලවාය - මොණරාගල මාර්ගය හරහා මාරුවෙන අමුත්තො රංචුව - "කකුල් උස්සලා ලස්සනට යන හැටි"
00:51
Video thumbnail
උණකන්ද රක්ෂිතයේ සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:08
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් වෙනවා ළමයා ගැන කිසිම තොරතුරක් නෑ - අද ගමම කම්පා වෙලා
05:57
Video thumbnail
මුහුද මැද පෙරළී ගිය යාත්‍රාවක සිටි ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:43
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03