ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම කෙටිදුර ධාවන ශූරියක්වන ෂෙලී-ඈන් ෆ්‍රේසර් ධාවනය පථයට සමුදීම නිවේදනය කර තිබෙනවා.
ටෝකියෝහිදී පැවැති ලෝක ශූරතාවලියේ 4x100m සහාය දිවීමේ අවසන් තරගයෙන් රිදී පදක්කම ඊයේ (21) ජැමෙයිකාවට දිනාදෙමින් ඇය සිය ක්‍රීඩා දිවියෙන් සමුගැනීම නිවේදනය කළා.
දශක දෙකකට ආසන්න කාලයක් ලෝක කාන්තා කෙටි දුර ධාවන ඉසව්වල ජයකෙහෙළි නැංවූ ෂෙලී-ඈන් ෆ්‍රේසර් පස් වතාවක් මීටර් 100 ලෝකශූරිය බවට පත් වුණා.
දෙවරක් ඔලිම්පික් රන් පදක්කම්ලාභිනියක් සහ ඉතිහාසයේ වඩාත්ම අලංකාර කාන්තා කෙටි දුර ධාවන ක්‍රීඩිකාවක් වූ ඇය සිය විශ්‍රාම ගැනීම නිවේදනය කරන විට 38 වන වියේ පසු වුණා.
2019 දී වයස අවුරුදු 32 දී මීටර් 100 ලෝක ශූරතාවක් දිනාගත් වයස්ගතම කාන්තාව බවට පත් වූ ඇය, පසුව ඉයුජින්හිදී වයස අවුරුදු 35 දී එම වාර්තාව තවත් වතාවක් අලුත් කළා.
2017 වසරේදී තම පුත්‍රයා වන සයෝන් බිහි කිරීමෙන් පසු ක්‍රීඩාවට නැවත පිවිසි ඇය, 2019 ලෝක ශූරතාවලියේදී මීටර 100 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමත් සමඟ ‘රොකට් මමී’ යන අන්වර්ථ නාමයෙන් ඇයව හඳුන්වනු ලැබුවා.
වේගය පමණක් නොව, ඔරොත්තු දීමේ හැකියාව ද ඇගේ වෘත්තීය ජීවිතයේ නිර්වචනය වුණා.





