Empty Ad
AFC Banner
Empty Ad

රේගුවේ රෙදි කෝපා කමිටුවේ දී ගැලවෙයි

ශ්‍රී ලංකා රේගුවේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් කෝපා කමිටුවේ දී අනාවරණය වී තිබෙනවා.

මේ පිළිබඳ අනාවරණය වූයේ ශ්‍රී ලංකා රේගුවේ 2019, 2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාරය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ සභාපතිත්වයෙන් පසුගියදා (17) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී යි.

මෙහිදී නැගෙනහිර පළාතේ ජල සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් පෞද්ගලික ආයතනයක් විසින් ගෙන් වූ ගුදම් නිදහස් කිරීමේ දී ව්‍යාජව සැකසූ දේශීය තොරතුරු ඉදිරිපත් කිරීම මගින් අදාළ ආයතනයට සැලසුණු මූල්‍ය වාසිය පිළිබඳ කෝපා කමිටුවේ අවධානය යොමු වුණා.

මේ අනුව අදාළ පෞද්ගලික ආයතනය ඇ.ඩො. 5,139,621 ක් ලෙස ගුදම්ගත කර තිබූ භාණ්ඩ නිදහස් කිරීමේ දී දේශීයව සැකසූ ව්‍යාජ ලේඛන මගින් ඇ.ඩො.6,350,364 ක් ලෙස වටිනාකම දක්වා ඇ.ඩො. 1,210,743ක් අදාළ ආයතනයට වැඩිපුර ලබාගැනීමට අවස්ථාව ලබා දී තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් මාසයක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස කෝපා කමිටුව නිර්දේශ කරනු ලැබුවා.

එසේම ශ්‍රී ලංකා රේගුව නව තාක්ෂණය හඳුන්වාදීමේ තත්ත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡා වුණා.

මේ අනුව පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විට “අසිකුඩා” නම් පද්ධතියක් දත්ත පවත්වාගෙන යාමට භාවිත කරන බවත් එය රැමිස් පද්ධතිය හා සම්බන්ධව පවතින බවයි.

එසේම නව තාක්ෂණ පද්ධතියක් ඉදිරියේ දී හඳුන්වාදීමට කටයුතු කරන බවද ඔවුන් සඳහන් කර සිටියා.

තව ද රේගු ආඥා පනත සංශෝධනය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවූ අතර පැමිණි නිලධාරීන් සඳහන් කළේ 2024 ජනවාරි මස මේ සම්බන්ධයෙන් වන සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

එසේම නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට ගල්අඟුරු ගෙනඒමේ දී නිවැරදි තොරතුරු අනාවරණය නොකිරීම හේතුවෙන් අඩුවෙන් අයකර තිබූ රුපියල් මිලියන 187 කට ආසන්න වැට් බද්ද නැවත අයකරගැනීමට සිදුකළ රේගු විමර්ශනයෙන් වැට් බද්ද අතිරේක බද්දක් ලෙස අයකර නොගෙන රුපියල් මිලියන 205ක දණ්ඩනයක් පනවා එම ලැබුණු මුදලෙන් 70%ක් නිලධාරීන්ගේ ත්‍යාග හා සුභසාධන වෙනුවෙන් වෙන්කිරීම පිළිබඳ කමිටුව නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියා.

මේ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කොට මෙවැනි කරුණු නැවත නොවන ආකාරයේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට මේ වන විට සාකච්ඡා ආරම්භ කොට ඇති බවයි.

රේගු නිලධාරීන් සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් අඟිලි සලකුණු සටහන් යොදාගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා සිදු වූ අතර, නිලධාරීන් පෙන්වා දුන්නේ ඉතාමත් රහසිගත මෙහෙයුම් සිදුකිරීමේ දී සහ ප්‍රායෝගික තත්ත්වයේ දී ඇතැම් මෙහෙයුම් සිදුකිරීමේ දී ඇඟිල සලකුණු සටහන් කිරීම අපහසු තත්ත්වයක් පවතින බවයි.

මෙහිදී එවැනි වැදගත් මෙහෙයුම්වල දී ලිඛිත සටහනක් යෙදීමට අනෙකුත් සාමාන්‍ය රාජකාරීවල දී ඇඟිලි සලකුණ යෙදීමටත් කෝපා කමිටුව යෝජනා කළා

ආනයනය සහ අපනයනය කරන බහාලුම් පරීක්ෂා කිරීමට මිලදීගත් ස්කෑනර් යන්ත්‍රය මඟින් අපේක්ෂිත සැලසුම්වලට ලඟාවීමට නොහැකිවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වුණා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් කෝපා කමිටුවට ලබාදෙන ලෙස කමිටුව නිර්දේශ කරනු ලැබුවා.

එමෙන්ම රේගුව සන්තකයේ ඇති නිදහස් නොකළ වාහන සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක්කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව දිනෙව්වේ නැත්තම් සල්ලි දෙන්නේ නෑලු
14:50
Video thumbnail
මෝදිත් ජනපතිගේ ඔළුවෙන්ම මේ පාර තමයි කලිසම ගලවන්නේ
20:14
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
05:58
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
<p>?</p>