රේගුවේ රෙදි කෝපා කමිටුවේ දී ගැලවෙයි

ශ්‍රී ලංකා රේගුවේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් කෝපා කමිටුවේ දී අනාවරණය වී තිබෙනවා.

මේ පිළිබඳ අනාවරණය වූයේ ශ්‍රී ලංකා රේගුවේ 2019, 2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාරය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ සභාපතිත්වයෙන් පසුගියදා (17) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී යි.

මෙහිදී නැගෙනහිර පළාතේ ජල සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් පෞද්ගලික ආයතනයක් විසින් ගෙන් වූ ගුදම් නිදහස් කිරීමේ දී ව්‍යාජව සැකසූ දේශීය තොරතුරු ඉදිරිපත් කිරීම මගින් අදාළ ආයතනයට සැලසුණු මූල්‍ය වාසිය පිළිබඳ කෝපා කමිටුවේ අවධානය යොමු වුණා.

මේ අනුව අදාළ පෞද්ගලික ආයතනය ඇ.ඩො. 5,139,621 ක් ලෙස ගුදම්ගත කර තිබූ භාණ්ඩ නිදහස් කිරීමේ දී දේශීයව සැකසූ ව්‍යාජ ලේඛන මගින් ඇ.ඩො.6,350,364 ක් ලෙස වටිනාකම දක්වා ඇ.ඩො. 1,210,743ක් අදාළ ආයතනයට වැඩිපුර ලබාගැනීමට අවස්ථාව ලබා දී තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් මාසයක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස කෝපා කමිටුව නිර්දේශ කරනු ලැබුවා.

එසේම ශ්‍රී ලංකා රේගුව නව තාක්ෂණය හඳුන්වාදීමේ තත්ත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡා වුණා.

මේ අනුව පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විට “අසිකුඩා” නම් පද්ධතියක් දත්ත පවත්වාගෙන යාමට භාවිත කරන බවත් එය රැමිස් පද්ධතිය හා සම්බන්ධව පවතින බවයි.

එසේම නව තාක්ෂණ පද්ධතියක් ඉදිරියේ දී හඳුන්වාදීමට කටයුතු කරන බවද ඔවුන් සඳහන් කර සිටියා.

තව ද රේගු ආඥා පනත සංශෝධනය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවූ අතර පැමිණි නිලධාරීන් සඳහන් කළේ 2024 ජනවාරි මස මේ සම්බන්ධයෙන් වන සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

එසේම නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට ගල්අඟුරු ගෙනඒමේ දී නිවැරදි තොරතුරු අනාවරණය නොකිරීම හේතුවෙන් අඩුවෙන් අයකර තිබූ රුපියල් මිලියන 187 කට ආසන්න වැට් බද්ද නැවත අයකරගැනීමට සිදුකළ රේගු විමර්ශනයෙන් වැට් බද්ද අතිරේක බද්දක් ලෙස අයකර නොගෙන රුපියල් මිලියන 205ක දණ්ඩනයක් පනවා එම ලැබුණු මුදලෙන් 70%ක් නිලධාරීන්ගේ ත්‍යාග හා සුභසාධන වෙනුවෙන් වෙන්කිරීම පිළිබඳ කමිටුව නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියා.

මේ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කොට මෙවැනි කරුණු නැවත නොවන ආකාරයේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට මේ වන විට සාකච්ඡා ආරම්භ කොට ඇති බවයි.

රේගු නිලධාරීන් සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් අඟිලි සලකුණු සටහන් යොදාගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා සිදු වූ අතර, නිලධාරීන් පෙන්වා දුන්නේ ඉතාමත් රහසිගත මෙහෙයුම් සිදුකිරීමේ දී සහ ප්‍රායෝගික තත්ත්වයේ දී ඇතැම් මෙහෙයුම් සිදුකිරීමේ දී ඇඟිල සලකුණු සටහන් කිරීම අපහසු තත්ත්වයක් පවතින බවයි.

මෙහිදී එවැනි වැදගත් මෙහෙයුම්වල දී ලිඛිත සටහනක් යෙදීමට අනෙකුත් සාමාන්‍ය රාජකාරීවල දී ඇඟිලි සලකුණ යෙදීමටත් කෝපා කමිටුව යෝජනා කළා

ආනයනය සහ අපනයනය කරන බහාලුම් පරීක්ෂා කිරීමට මිලදීගත් ස්කෑනර් යන්ත්‍රය මඟින් අපේක්ෂිත සැලසුම්වලට ලඟාවීමට නොහැකිවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වුණා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් කෝපා කමිටුවට ලබාදෙන ලෙස කමිටුව නිර්දේශ කරනු ලැබුවා.

එමෙන්ම රේගුව සන්තකයේ ඇති නිදහස් නොකළ වාහන සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක්කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10