රෙකෝඩින් එකක් නිසා රටම හොයපු ස්වාමීන් වහන්සේගේ කිසිවෙකුත් නොදත් කතාව මෙන්න

ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ විසින් ස්වාමීන් වහන්සේ නමකට බැන වදින අයුරු සඳහන් රෙකෝඩින් එකක් මේ දවස්වල අන්තර්ජාලය පුරාහ හුවමාරු වෙනවා.

ඉතාමත් අශෝභන ලෙස මෙහිදී ඥානසාර හිමියන් විසින් බැනවදින්නේ මුහුණුපොතට එක්කර ඇති සටහනක් ඉවත් කර දමන ලෙසයි.

එම බැන වැදීම ඉදිරියේ ඉතාමත් නිවුණු සිතින් යුතුව කතා කරන හිමියන් ගැන බොහෝ දෙනෙකු කතා කර තිබුණා.

ඇත්තටම මේ ස්වාමීන් වහන්සේ කවුද..?

අපි හිතුවා ඒ ගැන හොයලා බලන්න..

මේ ස්වාමීන් වහන්සේ තමයි පූජ්‍ය කිරුළපන ධම්මවිජය හිමි.

කොළඹ ප්‍රදේශයේ ජීවත් වුණු මේ හිමි නම ගිහි කාලයේදී IT පිළිබඳවත් සංගීතය පිළිබඳවත් අති දක්ෂයෙක් ලෙසයි හැදින්වෙන්නේ.

ඒ වගේම සටහන් ක්‍රම, වූෂු මාශල් ආට් හදාරා ඇති මේ හිමිනම රණවිරුවෙක්.

Map reading, භූමි උපක්‍රම පිළිබඳවත් දස්කම් දැක්වූවෙක්.

සිල් ගුණවත් සඟ පරපුරක පැවදි වී මාස හතරක් වැනි කෙටි කාලයකින් රාමඤ්ඤ මහා නිකායේ “අභිධර්මාචාර්ය” විභාගය විශිෂ්ඨ ලෙස ධම්මවිජය හිමියන් සමත් වන්නේ
ලංකාදීපයේම පළමුවැනි ස්ථානයත් ලබා ගනිමින් වීම විශේෂත්වයක්.

2016 වසරේ දී විනයාචාර්ය උපාධියත් 2017 වසරේ සද්ධර්මාචාර්ය උපාධියත් ප්‍රථමස්ථානය සනිටුහන් කරමින් විශිෂ්ඨ ලෙස සමත්ව තිබෙනවා.

2017 වසර අවසන් වන විට ත්‍රිපිටකය පිළිබඳවම වූ ආචාර්ය උපාධියන් සම්පූර්ණ කිරීම නිසා ත්‍රිපිටකාචාර්ය උපාධියෙනුත් පිදුම් ලැබුවා.

2018 වසරේ අභිධර්ම විශාරද උපාධිය ලබා ඇති අතර පාලි හින්දි, ඉංග්‍රීසි, සිංහල සංස්කෘත භාෂා පිළිබඳවද මනා වූ අවබෝධයක් ධම්මවිජය හිමියන්ට ඇති බවයි අපට වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1.3k
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුන් කැලේ හිටියේ - පන්සලේ සිවුරට පිහිට වෙලා ජීවිත බේරාගත්තේ
08:03
Video thumbnail
ආනන්ද පාලිතගෙන් විමල්ට සැර සත්තමක්.."කඩේ යන එකත් සීමාවක් තියාගන්න..අපිව අන්ධන්න එපා"
06:21
Video thumbnail
අලුත් වාහනයක් ගන්න මිනිස්සු හොයාගෙන එන විශ්වාසය දිනූ එකම තැන Intimate Lanka (PVT) LTD
15:02
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ කළ ප්‍රධාන මාර්ග බැලිමට NBRO නිලධාරින් එයි
03:13
Video thumbnail
මාලිමාවට හරිනි හිසරදයක් වෙලා - පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ
17:06
Video thumbnail
බන්ධනාගාරය අපරාධකායෝ බිහිකරන ෆැක්ටරියක්..ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
14:02
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28


?