රෙකෝඩින් එකක් නිසා රටම හොයපු ස්වාමීන් වහන්සේගේ කිසිවෙකුත් නොදත් කතාව මෙන්න

ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ විසින් ස්වාමීන් වහන්සේ නමකට බැන වදින අයුරු සඳහන් රෙකෝඩින් එකක් මේ දවස්වල අන්තර්ජාලය පුරාහ හුවමාරු වෙනවා.

ඉතාමත් අශෝභන ලෙස මෙහිදී ඥානසාර හිමියන් විසින් බැනවදින්නේ මුහුණුපොතට එක්කර ඇති සටහනක් ඉවත් කර දමන ලෙසයි.

එම බැන වැදීම ඉදිරියේ ඉතාමත් නිවුණු සිතින් යුතුව කතා කරන හිමියන් ගැන බොහෝ දෙනෙකු කතා කර තිබුණා.

ඇත්තටම මේ ස්වාමීන් වහන්සේ කවුද..?

අපි හිතුවා ඒ ගැන හොයලා බලන්න..

මේ ස්වාමීන් වහන්සේ තමයි පූජ්‍ය කිරුළපන ධම්මවිජය හිමි.

කොළඹ ප්‍රදේශයේ ජීවත් වුණු මේ හිමි නම ගිහි කාලයේදී IT පිළිබඳවත් සංගීතය පිළිබඳවත් අති දක්ෂයෙක් ලෙසයි හැදින්වෙන්නේ.

ඒ වගේම සටහන් ක්‍රම, වූෂු මාශල් ආට් හදාරා ඇති මේ හිමිනම රණවිරුවෙක්.

Map reading, භූමි උපක්‍රම පිළිබඳවත් දස්කම් දැක්වූවෙක්.

සිල් ගුණවත් සඟ පරපුරක පැවදි වී මාස හතරක් වැනි කෙටි කාලයකින් රාමඤ්ඤ මහා නිකායේ “අභිධර්මාචාර්ය” විභාගය විශිෂ්ඨ ලෙස ධම්මවිජය හිමියන් සමත් වන්නේ
ලංකාදීපයේම පළමුවැනි ස්ථානයත් ලබා ගනිමින් වීම විශේෂත්වයක්.

2016 වසරේ දී විනයාචාර්ය උපාධියත් 2017 වසරේ සද්ධර්මාචාර්ය උපාධියත් ප්‍රථමස්ථානය සනිටුහන් කරමින් විශිෂ්ඨ ලෙස සමත්ව තිබෙනවා.

2017 වසර අවසන් වන විට ත්‍රිපිටකය පිළිබඳවම වූ ආචාර්ය උපාධියන් සම්පූර්ණ කිරීම නිසා ත්‍රිපිටකාචාර්ය උපාධියෙනුත් පිදුම් ලැබුවා.

2018 වසරේ අභිධර්ම විශාරද උපාධිය ලබා ඇති අතර පාලි හින්දි, ඉංග්‍රීසි, සිංහල සංස්කෘත භාෂා පිළිබඳවද මනා වූ අවබෝධයක් ධම්මවිජය හිමියන්ට ඇති බවයි අපට වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1.3k
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වියට්නාම් ජනාධිපති කතාකරද්දී හිටපු ජනාධිපති ගැලරියේ
06:10
Video thumbnail
කපිලගේ ම#ණය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
03:13
Video thumbnail
ආණ්ඩුවේ තක්කඩිකමට ඉඩ දෙන්න එපා - භාණ්ඩාගාරයේ තියෙන්නේ අනුරගේ සල්ලි නෙමෙයි
04:36
Video thumbnail
අල්ලස් කොමිසමේ නිලධාරින්ට විශ්වයෙන් පණිවිඩ එනවද ?..කපිල ගැන ගම්මන්පිල කරපු හෙළිදරව්ව
02:00
Video thumbnail
අනුර පචේ මේ අහපන් - හොරා කෑවා තවත් මදිද
02:41
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ දේහය අධිකරණ වෛද්‍ය නිලධාරි හමුවට ගෙන ගිය හැටි
01:53
Video thumbnail
කපිලගේ මරණය ගැන අපිටත් කම්පනයක් තියෙනවා
09:55
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ දිවුරුම් ප්‍රකාශයෙන් රහස් රැසක් හෙළිවෙයි..?
08:32
Video thumbnail
මාලිමා පාක්ෂිකයෙක්ගේ නමක් ගහපු නිසා මහරගම න.සභාව යුද පිටියක් වෙයි..ඇයි ලයිට් OFF කරන්නේ..හූ හූ
14:19
Video thumbnail
මට මේ රටේ ඉන්න බයයි - මාව ඉවර කරන්න හදනවා
01:43