රූපවාහිනී සභාපති සේවකයෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක්

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා විසින් සේවකයෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම සේවකයාට වසර 11ක් අතීතයට බලපාන පරිදි උසස්වීමක් ලබා දෙන ලෙස නියෝග කරනු ලැබුවා.

ඒ, අනුව රූපවාහිනී සංස්ථාවේ යූ.පී.ඊ. විජේසූරිය නමැති සේවකයා, 2014 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි තාක්ෂණික පරිපාලක තනතුරට වහාම උසස් කළ යුතු බවට අධිකරණය නියම කළේ.

2019 වසරේ දී රූපවාහිනී සංස්ථාවේ තාක්ෂණික පරිපාලක තනතුර සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයකදී තමන්ට අසාධාරණයක් වූ බව පවසමින් අදාළ සේවකයා ඇතුළු තිදෙනෙකු විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි ඒ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ.

නීතියට පටහැනිව වෙනත් පුද්ගලයින් තිදෙනෙකුට එම උසස්වීම් ලබාදීමෙන් තම අයිතීන් කඩ වී ඇති බවට පෙත්සම්කරුවෝ සිය පෙත්සම් මගින් පෙන්වා දී තිබුණා.

එස්. තුරේරාජා, මහින්ද සමයවර්ධන සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

නඩු විභාගයේ දී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, දෙවන සහ තෙවන පෙත්සම්කරුවන් උසස්වීම් ලැබූවන්ට වඩා සුදුසුකම් ලැයිස්තුවේ පහළින් සිටින බව තහවුරු කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, පළමු පෙත්සම්කරු වන යූ.පී.ඊ. විජේසූරියට පැහැදිලි අසාධාරණයක් සිදුවී ඇති බව අධිකරණය විසින් නිගමනය කළා.

මෙම තීන්දුවට අනුව, යූ.පී.ඊ. විජේසූරියට හිමිවන උසස්වීම හිඟ වැටුප් රහිතව ක්‍රියාත්මක විය යුතු බව ද අධිකරණය වැඩිදුරටත් නියෝග කරනු ලැබුවා.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ආචාර්ය සුනිල් කුරේ පෙනී සිටි අතර, වගඋත්තරකාර රූපවාහිනී සංස්ථාව සහ එහි සභාපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ සබ්‍රිනා අහමඩ් පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
12
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?