රූපවාහිනී සභාපති සේවකයෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක්

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා විසින් සේවකයෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම සේවකයාට වසර 11ක් අතීතයට බලපාන පරිදි උසස්වීමක් ලබා දෙන ලෙස නියෝග කරනු ලැබුවා.

ඒ, අනුව රූපවාහිනී සංස්ථාවේ යූ.පී.ඊ. විජේසූරිය නමැති සේවකයා, 2014 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි තාක්ෂණික පරිපාලක තනතුරට වහාම උසස් කළ යුතු බවට අධිකරණය නියම කළේ.

2019 වසරේ දී රූපවාහිනී සංස්ථාවේ තාක්ෂණික පරිපාලක තනතුර සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයකදී තමන්ට අසාධාරණයක් වූ බව පවසමින් අදාළ සේවකයා ඇතුළු තිදෙනෙකු විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි ඒ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ.

නීතියට පටහැනිව වෙනත් පුද්ගලයින් තිදෙනෙකුට එම උසස්වීම් ලබාදීමෙන් තම අයිතීන් කඩ වී ඇති බවට පෙත්සම්කරුවෝ සිය පෙත්සම් මගින් පෙන්වා දී තිබුණා.

එස්. තුරේරාජා, මහින්ද සමයවර්ධන සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

නඩු විභාගයේ දී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, දෙවන සහ තෙවන පෙත්සම්කරුවන් උසස්වීම් ලැබූවන්ට වඩා සුදුසුකම් ලැයිස්තුවේ පහළින් සිටින බව තහවුරු කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, පළමු පෙත්සම්කරු වන යූ.පී.ඊ. විජේසූරියට පැහැදිලි අසාධාරණයක් සිදුවී ඇති බව අධිකරණය විසින් නිගමනය කළා.

මෙම තීන්දුවට අනුව, යූ.පී.ඊ. විජේසූරියට හිමිවන උසස්වීම හිඟ වැටුප් රහිතව ක්‍රියාත්මක විය යුතු බව ද අධිකරණය වැඩිදුරටත් නියෝග කරනු ලැබුවා.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ආචාර්ය සුනිල් කුරේ පෙනී සිටි අතර, වගඋත්තරකාර රූපවාහිනී සංස්ථාව සහ එහි සභාපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ සබ්‍රිනා අහමඩ් පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25