රුසියානු යුවළකගේ ජීවිත බේරගන්න ජීවිතය පුදකළ වස්කඩුවේ ජීවිත ආරක්ෂක නිළධාරියා

මුහුදේ ගසාගෙන ගිය රුසියානු ජාතික යුවළක් බේරාගැනීමට මුහුදට පැන්න සංචාරක හෝටල් ජීවිත ආරක්ෂක නිළධාරියෙකු මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කළුතර උතුර – සුමංගල පාරේ පදිංචිව සිටි 36 හැවිරිදි දෙදරු පියෙක්.

මෙම පුද්ගලයා වස්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක ජීවිත ආරක්ෂක නිළධාරීයෙකු ලෙස සේවය කර ඇති බවයි වාර්තා වන්නේ.

අද (23) දහවල් රුසියනු ජාතික සංචාරක යුවළක් මුහුදේ දියනාමින් සිටිය දී රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ මෙම පුද්ගලයා ඔවුන්ව බේරාගැනීමට මුහුදට පැන ඇති අතර, ඔහු ද රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඔහුව බේරාගැනීමට හෝටලයේ සේවකයින් දෙදෙනෙක් ද මුහුදට පැන ඇති අතර, එම උත්සාහය ද ව්‍යර්ථ වී ඇත්තේ එම සේවකයින් දෙදෙනාත් මුහුදේ ගසාගෙන යාම හේතුවෙන්.

ඒ, අනුව මෙම පිරිස බේරාගැනීමට අවට සිටි තරුණයින් පිරිසක් සහ හෝටලයේ තවත් සේවකයින් පිරිසක් ඉදිරිපත්ව ඇති අතර, ඔවුන්ගේ මැදිහත්වීමෙන් විදෙස් ජාතික යුවළගේ සහ හෝටල් සේවකයින් දෙදෙනාගේ ජීවිත ගලවා ගැනීමට සමත්ව තිබෙනවා.

රුසියානු ජාතික යුවළ බේරාගැනීමට මුහුදට පැන්න ජීවිත ආරක්ෂක නිළධාරියා ද ගොඩට ගැනීමට ඔවුන් සමත්ව ඇති අතර, ඒ වනවිටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඔහු වහාම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

ත්‍රීරෝද රථයකින් කළුතර ශීක්ෂණ රෝහලට ඔහු රැගෙන ගොස් ඇති අතර, ඒ වනවිටත් මෙම පුද්ගලයා මියගොස් සිට ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවා.

කළුතර උතුර පොලිසිය මෙම සිද්ධිට සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
1
+1
71
+1
9
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10