AFC Banner
AFC Banner
Empty Ad

රුසියානුවන් විනාශ කල ලොව විශාලම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානය

යුක්‍රේනයේ නිෂ්පාදිත ඇන්ටනොව් 225 වර්ගයේ ගුවන් යානයක් රුසියානු ප්‍රහාර හමුවේ විනාශයට පත්ව ඇත.

මෙය ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ලෙස සැලකෙන අතර එහි දිගට වඩා අඩි විස්සක් පමණ ගුවන් යානයේ පියාපත් පළලින් යුක්ත බව විදෙස් වාර්තා සඳහන් කළේය.

එම ගුවන් යානයේ දිග අඩි 275ක් වන අතර පළල අඩි 290ක් වේ.

පසුගිය කොවිඩ් සමයේ දී වෛද්‍ය උපකරණ ප්‍රවාහනය සදහා එම ගුවන් යානය වැඩිවශයෙන් යොදාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

එමෙන්ම ඉන්ධන කිලෝ ලක්ෂ 3ක් ගබඩා කළ හැකි එම යානය 2018 වසරේ දී මත්තල ගුවන්තොටුපළ වෙතද පැමිණ තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?