රුමේනියාවේ රැකියා සිහින පෙන්වා කතක්, එක්කෝටි දස ලක්ෂයකට විදලා

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් එක්කෝටි දස ලක්ෂයකට වඩා වැඩි මුදලක් වංචා කළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කර්යංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම, මුන්දලම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දී තිබූ නියෝගයකට අනුව සැකකාරිය මැලේසියාවේ සිට මෙරටට පැමිණි අවස්ථාවේ දී ආගමන විගමන නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව, අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතරු වාර්තා වුණේ.

සැකකාර කාන්තාව කලක් කුරුණෑගල ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක සේවය කර ඇති අතර, එම කාලය තුළ රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 48 දෙනෙකුගෙන් වංචා සහගත ලෙස මුදල් ලබාගෙන ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

සැකකාරිය තවත් කාන්තාවක් සහ පිරිමි අයෙකු සමඟ එක්ව මෙම වංචාව සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම සැකකාරිය මීට මාස දෙකකට පමණ පෙර හොර රහසේම මැලේසියාවට ගොස් ඇති අතර, ඊයේ දිනයේ දී ආපසු දිවයිනට පැමිණීමෙන් අනතුරුවයි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ.

වංචාවට සම්බන්ධ අනෙකුත් සැකකාරිය සහ සැකකරු සොයා විදේශ රැකියා නියුක්ති කාර්යංශය විමර්ශණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
5
+1
2
+1
0
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?