සාවද්‍ය පුවතක් පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශයෙන් දැනුම්දීමක්

‘ග්‍රාම නිලධාරී සම්බන්ධ අක්‍රමිකතා කඩිනම් පැමිණිලි ක්‍රියාපරිපාටිය’ මැයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ යැයි දක්වමින් ව්‍යාජ ක්ෂණික ඇමතුම් අංකයක් සහ සෘජු දුරකථන අංක සහිතව සමාජ මාධ්‍යවල පුවතක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

මෙලෙස සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වී ඇති මෙම පුවත හුදෙක් සාවද්‍ය පුවතක් බව ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දෙන බවට ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්