රම්බොඩ – නුවරඑළිය මාර්ගයේ තත්ත්වය ගැන ජපාන භූ විද්‍යාඥයන්ගෙන් වාර්තාවක්

දිට්වා සුලි කුණාටුවෙන් බලපැම් ඇති වූ දිස්ත්‍රික්ක අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ සහ වලපනේ යන ප්‍රදේශවල මාර්ග විශාල වශයෙන් නායයැමට ලක් වූ බවත්, එසේ නාය ගිය මාර්ග ගොඩනැලිගි පර්යේෂණායතනයේ නිර්දේශ මත නුවරඑලියේ සුන්දරත්වය රැක ගනිමින් කෙටි කාලයක් තුල යථා තත්වයට පත් කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

මහනුවර, නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නායයෑමට ලක් වූ රම්බොඩ, කටුකිතුල, ගැරඩිඇල්ල ලබුකැලේ යන ප්‍රදේශවල ඊයේ (11) දින පස්වරුවේ නිරික්ෂණ චාරිකාවකට එක් විමෙන් පසු අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ දැනට වාහන ධාවනය සදහා එක් මන්තීරුවක් විවෘත කර ඇති බවත්, ඒ තුලින් අඩාල වූ නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජන ජීවිතය යථා තත්වයට පත් කල හැකි බවයි.

රම්බොඩ සිට නුවරඑලිය දක්වා ප්‍රධාන මාර්ගයේ නාය ගිය ස්ථාන ජපානයෙන් පැමිණි භූ විද්‍යාඥයන් පිරිසක්ද පරික්ෂා කර බලා වාර්ථාවක් ලබා දි ඇති බවත්, එම සියලු වාර්ථා අධ්‍යනය කරමින් සියලුම මාර්ග අලුත්වැඩියා කිරිමට කටයුතු කරන බවත්
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

මෙම සංචාරයට නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංජුල සුරවීර ආරච්චි, අනුෂ්කා තිලකරත්න සහ මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක මහේන්ද්‍ර විජේපාල ඇතුළු නිළධාරින් රැසක් සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36