ඉතියෝපියාවේ ලැබිය හැකි ඉහළම ගෞරවය ලැබූ මෝදි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ඉතියෝපියානු රජය සිවිල් පුරවැසියෙකුට පිරිනමන ඉහළම ගෞරවය පිරිනමා තිබෙනවා.

මෝදිගේ පළමු ඉතියෝපියානු සංචාරයේ දී මෙම සම්මානය පිරිනැමුණා.

දෙරටේ නායකයින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ද ඊයේ පැවැත්වුණු අතර මෝදි අද එරට පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතයි.

ජෝර්දානයේ සාර්ථක සංචාරයකින් පසු මෝදි ඉතියෝපියාවට පැමිණි අතර ඔහු මී ළඟට ඔ්මානයට පැමිනීමට නියතමිතව තිබෙනවා.