අධිවේගී මාර්ගයේ මෝටර් රථයක් ගිනිගනී

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඟුණකොළපැලැස්ස, ජඳුර ප්‍රදේශයේ දී අද (14) පෙරවරුවේ මෝටර් රථයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

ඇඹිලිපිටිය සිට කොළඹ බලා ධාවනය වූ මෝටර් රථයක් මෙලෙස හදිසියේ ගිනි ගෙන ඇති බවයි වාර්තා වුණේ.

රථය ගිනි ගැනීමට ලක්වන අවස්ථාවේ දී එහි රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙක් සිට ඇති අතර, රථය ගිනි ගන්නා බව දැනගත් විගස ⁣රථය නවතා ඔවුන් ඉන් පිටතට පැමිණ තිබෙනවා.

ඒ හේතුවෙන් රථයේ ගමන් කළ කිසිවෙකුටවත් හානියක් සිදුව නැහැ.

අඟුණකොළපැලැස්ස පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11
Video thumbnail
අක්‍රමිකතාවක් ගැන පොලිස්පතිට එරෙහිව පැමිණිල්ලක් - හිතවතාට බයික් ගෙන්නන දවසට බයික් ගන්න වෙන්නේ
06:10
Video thumbnail
මම කාගේත් මුදල් තැන්පතු භාර අරගෙන නෑ - එළියට ආ තිස්සකුට්ටි කිව්ව කතාව
06:14
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06