රුමේනියාවේ රැකියා සිහින පෙන්වා කතක්, එක්කෝටි දස ලක්ෂයකට විදලා

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් එක්කෝටි දස ලක්ෂයකට වඩා වැඩි මුදලක් වංචා කළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කර්යංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම, මුන්දලම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දී තිබූ නියෝගයකට අනුව සැකකාරිය මැලේසියාවේ සිට මෙරටට පැමිණි අවස්ථාවේ දී ආගමන විගමන නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව, අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතරු වාර්තා වුණේ.

සැකකාර කාන්තාව කලක් කුරුණෑගල ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක සේවය කර ඇති අතර, එම කාලය තුළ රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 48 දෙනෙකුගෙන් වංචා සහගත ලෙස මුදල් ලබාගෙන ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

සැකකාරිය තවත් කාන්තාවක් සහ පිරිමි අයෙකු සමඟ එක්ව මෙම වංචාව සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම සැකකාරිය මීට මාස දෙකකට පමණ පෙර හොර රහසේම මැලේසියාවට ගොස් ඇති අතර, ඊයේ දිනයේ දී ආපසු දිවයිනට පැමිණීමෙන් අනතුරුවයි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ.

වංචාවට සම්බන්ධ අනෙකුත් සැකකාරිය සහ සැකකරු සොයා විදේශ රැකියා නියුක්ති කාර්යංශය විමර්ශණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23