Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ට්‍රිප් එකත් මඟ නතරවෙලා මංගල ගමනත් මඟ නතරවෙලා 27 දෙනෙක් රෝහලේ

නුවරඑළිය – තලවකැලේ නානුඔය වටරවුම් මාර්ගයේ ඩෙස්පෝඩ් ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද (14) උදෑසන 11:00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරකින් 27 දෙනෙකු පමණ තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි නානුඔය පොලිසිය පැවසුවේ.

කොළඹ සිට නුවරඑළිය දක්වා සංචාරයක් සඳහා පැමිණි පිරිසක් රැගත් බස් රථයක් සහ වැලිමඩ, බොරලන්ද ප්‍රදේශයේ සිට ආගරපතන ප්‍රදේශයේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වීමට යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක්.

අනතුරින් තුවාල ලැබුවන් 1990 සුව සැරියෙන් සහ අවට ප්‍රදේශයේ වතු කම්කරුවන් ඒක්ව රෝහල්ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරට හේතුව බස්රථ දෙකේ රියදුරන්ගේ නොසැලකිලිමත් රිය ධාවනය බවයි පොලිසිය සඳහන් කළේ.