රුපියල තවත් පල්ලට යද්දී අපට වුණ හෙණය ජනතාව තවත් අමාරුවේ

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නිල විනිමය අනුපාත අගයන් අනුව ඊයේ (25 දා) දිනයේ ශ‍්‍රී ලංකා රුපියල තවදුරටත් පිරිහෙමින් ඇමෙරිකානු ඩොලරයක අගය තවත් රු. 5.00 කින් ඉහළ ගියේය.

මේ අනුව මහ බැංකුව ඊයේ නිකුත් කළ මිල විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය පෙරේදා (24 දා) පැවැති රු. 289.99 සිට ඊයේ (25 දා) දිනයේදී රු. 294.99 දක්වා වැඩි විය.

ඉකුත් මාර්තු 07 වැනිදා රුපියල පා කිරීමට මහබැංකුව තීරණය කිරීමත් සමඟ ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ‍්‍රී ලංකා රුපියලේ අගය දිගින් දිගටම පිරිහෙමින් තිබේ.

එසේම ඊයේ දිනයේ ද ශ‍්‍රී ලංකා රුපියලට සාපේක්‍ෂව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් අගය රු. 279.90 සිට රු. 284.82 දක්වා ඉහළ ගොස් තිබේ.

උහුලන්න බැරි බර තවත් දරුණුවන හැටි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?