ඉන්දීය විදේශ අමාත්‍යවරයා අද දිවයිනට

ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් නිල සංචාරයක් සදහා අද (22) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

මෙරට විපතට පත් ජනතාව වෙනුවෙන් ඉන්දීය සහන පැකේජයක් ලබාදීම වෙනුවෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරයා අද පස්වරුවේ මෙලෙස දිවයිනට පැමිණීමට නියමිතයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළ ආපදාවෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු, දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා, ආර්ථික සහයෝගීතාව සහ කලාපීය ආරක්ෂාව ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට ද නියමිත බවයි වාර්තා වනවා.

මේ අතර මේ අතර, චීනයේ, ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ෂාඕ ලේජි, දෙදින නිල සංචාරයක් සදහා හෙට (23) දිවයිනට පැමිණීමට නියමිතයි.

ආපදාවට ලක් වූ මෙරට ජනතාවට උපකාර කිරීමේ ඉදිරි වැඩපිළිවෙළ නිරීක්ෂණය කිරීම සදහා දූත පිරිසක් සමඟ ඔහු දිවයිනට පැමිණෙන බවයි වාර්තා වුණේ.

ෂාඕ ලේජි සැලකෙන්නේ චීන ජනාධිපති සහ අගමැතිගෙන් පසු, එරට ආණ්ඩුවේ තුන්වැනි ප්‍රබලතම සාමාජිකයා ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28