රුපියල් තුන් කෝටි විසිලක්ෂයක් වටිනා මැණික් තොගයක් ගුද මාර්ගයේ සහ ගමන් මල්ල තුළ සඟවාගෙන පැමිණි ගුවන් මගීන් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් දෙදෙනා විසින් මෙම මැණික් තොගය ඊයේ (21) රාත්‍රියේ චීනය බලා රැගෙන යාමට තැත්කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38 සහ 39 වයස්වල පසුවන මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනෙක්.
මොවුන් දෙදෙනා ඊයේ (21) රාත්‍රී 10.20 ට චීනයේ චෙන්ඩු නුවර බලා පිටත්ව යන චීන ගුවන් සේවයේ සී.ඒ.- 426 දරණ ගුවන් යානයෙන් පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
රේගු නිලධාරීවරුන්ට මොවුන් පිළිබද ඇති වූ සැකය මත, සිදුකළ පරීක්ෂා කිරීම්වලට ලක් කිරීමේදී මෙම මැණික් තොගය සොයා ගැනීමට හැකි වූ බවයි වාර්තා වන්නේ.
සොයාගත් මැණික් තොගයේ නිල් මැණික්, වෛරෝඩි, පද්මරාග, සැවරයිට්, ආරනූල් වැනි කැරට් 756ක් බරැති මැණික් කැට 390ක් ඇතුළත්.














Chah oka hoyagaththe kohomada anivaryen gude athagala ne chah chah
Gude dilisuna athatama ahu una