උත්සව සමයේ මහජන ආරක්ෂාව තහවුරු කිරීමට යුද හමුදා මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක්

එළඹෙන උත්සව සමය තුළ මහජන ආරක්ෂාව සහ සාමය තහවුරු කරමින්, එය සාමකාමීව සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා යුද හමුදා මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින්, මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට ආරක්ෂක ලේකම්වරයා උපදෙස් ලබාදී තිබෙනවා.

උත්සව සමය නිමාවන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම් මැදිරිය, ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය අතර සමීප සහයෝගීතාවක් සහතික කරන ප්‍රධාන සම්බන්ධීකරණ කේන්ද්‍රස්ථානය ලෙස කටයුතු කරන බවයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ.

මෙම ඒකාබද්ධ සම්බන්ධීකරණ යාන්ත්‍රණයේ මූලික අභිප්‍රාය වන්නේ, උත්සව සමය තුළ මතු විය හැකි ඕනෑම ආරක්ෂක අභියෝගයක දී හෝ හදිසි තත්ත්වයක දී කඩිනම්, විධිමත් සහ ප්‍රශස්ත ප්‍රතිචාර දැක්වීම සහතික කිරීමයි.

එමෙන්ම යාවත්කාලීන වන තොරතුරු හුවමාරුව ශක්තිමත් කිරීම, කාලෝචිත තීරණ ගැනීම සහ සියලුම ආරක්ෂක අංශවල මෙහෙයුම් සූදානම ඉහළ නැංවීම සඳහා මෙම පියවර ගෙන තිබෙනවා.

මෙම යාන්ත්‍රණය හරහා උත්සව සමය පුරා මහජන ජීවිත සුරක්‍ෂිත කිරීමටත්, රජයේ සහ පෞද්ගලික දේපළ ආරක්ෂා කිරීමටත්, බලධාරීන්ට වඩාත් හොඳින් අවස්ථාව සැලසෙනවා.

මහජනතාවට කිසිදු බාධාවකින් තොරව සාමකාමීව උත්සව සමය සැමරීමට හැකි වන පරිදි සුරක්‍ෂිත පරිසරයක් පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය සතු නොසැලෙන කැපවීම මෙමගින් නැවත වරක් අවධාරණය කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14