මරණයක් දක්වා ගිය දුරකථන සංවාදය

සෙට්ටිකුලම පොලිස් වසමේ වීරපුරම් ප්‍රදේශයේ දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා වව්නියාව රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

පොලිසිය පවසන්නේ ඊයේ (21) පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති බවයි.

වව්නියාව, තවසිකුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 19ක තරුණයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

දුරකථන සංවාදයක් සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පිරිසක් විසින් මෙම තරුණයාට තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 19 හා 22 වයස්වල පසුවන සැකකරුවන් තිදෙනෙකු සෙට්ටිකුලම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සෙසු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා සෙට්ටිකුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14