රැකියා විරහිත උපාධිධාරීන් ජවිපෙ පැලවත්ත කාර්යාලය වටලයි (වීඩියෝ)

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවක් අද (11) පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී පැවැත් වුණා.

එම විරෝධතාකරුවන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ටික වෙලාවක් විරෝධයේ නිරතව පසුව පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට විරෝධතා පාගමනින් පැමිණියා.

මෙහිදී විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ ආණ්ඩුව බලයට පත්වීමට පෙර ලබා දුන් පොරොන්දු මේ වන විට කඩකර ඇති බවයි.

රජය විසින් රැකියා විරහිත උපාධිධාරීන්ට ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා රැකියා ලබාදෙන බවට පැවසූ පොරොන්දු කඩකරමින් සිටින බවත් විරෝධතාකරුවන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර මෙම තත්ත්වයත් සමඟ ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලය ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?