AFC Banner
Empty Ad
Empty Ad

රැකියා විරහිත උපාධිධාරීන් 51000 කට රජයේ ස්ථීර පත්වීම්

රැකියා විරහිත උපාධිධාරීන් 51000 කට රජයේ ස්ථීර පත්වීම් ලබා දීම 2022 ජනවාරි 03 වනදායින් ආරම්භ වන බවත්, ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බවත්, ඒ සම්බන්ධයෙන් පත් කර තිබූ කැබිනට් අනුකාරක සභාවේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව දැනට පුහුණුව ලබන රැකියා විරහිත උපාධිධාරීන් 51000 ම , රජයේ සංවර්ධන නිලධාරීන් ලෙස 2022 ජනවාරි 03වනදා නියමිත රැකියා ස්ථානයේ ස්ථානගත කෙරෙන අතර, ඔවුන්ගෙන් වසරක පුහුණුව සම්පූර්ණ කළ 42500ක පමණ පිරිසගේ සේවය එදින ම ස්ථීර කරේ.

2021 පෙබරවාරි හා මාර්තු මාසවල පුහුණුව සඳහා බඳවා ගත් පිරිස, වසරක කාලය සම්පූර්ණ වීමෙන් පසු 2022 අප්‍රේල් 1 වැනිදා ස්ථීර කිරීමට නියමිතය.

“ රැකියා විරහිත උපාධිධාරීන් / ඩිප්ලෝමාධාරීන් රැකියා ගත කිරීමේ වැඩසටහන” නැතහොත් “ 2020 බඳවාගත් උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් ස්ථීර පදනමින් රාජ්‍ය සේවයට /පළාත් රාජ්‍ය සේවයට පත් කිරීමේ වැඩසටහන” අනුව ලබා දුන් සම්පූර්ණ පත්වීම් ප්‍රමාණය 58116 කි.

මෙම රැකියා විරහිත උපාධිධාරීන් පුහුණුව සඳහා බඳවා ගැනීමේදී, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන කුමන හෝ උපාධි පාඨමාලාවක් හෝ එයට සමාන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඩිප්ලෝමාවක් සඳහා 2020 දෙසැම්බර් 31 දිනට සුදුසුකම් සම්පූර්ණ කර තිබිය යුතු විය.

මෙසේ බඳවාගත් පිරිස ප්‍රාදේශීය ලේකම්වරු යටතේද, රජයේ විවිධ දෙපාර්තමේන්තු හා අමාත්‍යංශවලටද, පළාත් සභාවලටද අනුයුක්තව පුහුණුව ලබමින් සිටිති.

මේ අතරින් ගුරු සේවය සඳහා පත්වීම් 22000 ක් ලබා දීමේ හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළේය. කැබිනට් අනුකාරක සභාවේ සභාපති , අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ පළමුව, 51000 ම රාජ්‍ය සේවයේ ස්ථීර කරන බවය.

අනතුරුව ගුරු සේවයට එක් වීමට කැමති අයට (දැනට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුහුණුව ලැබූවද, නොලැබුවද) ඉල්ලුම් කර, ගුරු සේවයට එක්වීමේ අවස්ථාව ලබා දීමට, ගුරු සේවා ව්‍යවස්ථාව අනුව කටයුතු කරන බවද ඔහු අනාවරණය කළේය.

දැනට පුහුණුව ලබන මෙසේ බඳවාගත් උපාධිධාරීන් ස්ථීර කිරීමට අවශ්‍ය ක්‍රියාවලිය මේ වන විට ආරම්භ වී ඇති අතර ඊට අදාළ ලිපිය, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් අදාළ පළාත් සභා ලේකම්වරු වෙතද යොමු කර තිබේ.

ඊට සමගාමීව මධ්‍යම රජය යටතේ විය යුතු ක්‍රියාවලියද ආරම්භ වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආර්ථිකය අපහසු වයෝවෘධ පුද්ගලයන්ට - ජාතික ජන බලවේග ආණ්ඩුවේන් ලැබෙන්න යන සහනය #npp
06:55
Video thumbnail
පාර්ලිමේන්තුව විසුරුවන දවස මාලිමාවේ ප්‍රභලයෙකු කියයි...#npp #akd
00:59
Video thumbnail
දිනලා පෙන්නුවා වගේ - මේකත් කරලා පෙන්නන්නම් - සමන්ත විද්‍යාරත්න ඇඩ්‍රස් නැතිවෙන්නම කිව්ව කතාව
03:31
Video thumbnail
සංවේදී වූ සේනානායක වෙරලියැද්ද - W ජයසිරි ගැන කිව්ව කතාව
01:46
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16
Video thumbnail
කටින් පම්පෝරි ගැසූ පර්මිට් මරික්කාර්, රෙදි ගලවා ගනී
01:40
Video thumbnail
අනුර කුමාර ජනාධිපති එක්ක - අයියයි මල්ලී වගේ ඉඳලා මොකද වුණේ ? කුමාර ගුණරත්නම් කොර වුණ ප්‍රශ්නය
04:10

?