රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ගැටළුවක – සමෘද්ධියත් කල් යයි

භාණ්ඩාගාරය දරුණු මුල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතැයි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම්දුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරනවා.

මේ වනවිය පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව ජනවාරි සහ පෙබරවාරි මාසවල රාජ්‍ය සේවක වැටුප් ගෙවීම දැඩි ගැටලුකාරි තත්ත්වයක් මතුව ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

එමෙන්ම සමෘද්ධි දීමනාව ලබාදීම සති කිහිපයක් ප්‍රමාද වනු ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා ප්‍රමාද වී හෝ එම ගෙවීම් සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?