Empty Ad
AFC Banner
Empty Ad

රාජ්‍ය පරිපාලන ලේකම්ගේ ලිපියක් බල රහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තරග වැදීමට නියමිත අපේක්ෂකයින්ගෙන් නැවත දැනුම් දෙන තුරු ඇප තැන්පතු බාර නොගන්නා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් තේරීම් භාර නිලධාරීන් වෙත නිකුත් කර තිබෙන ලිපිය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසිනුයි පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

එහි වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බන්ඩාර හපුහින්න, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා ඇතුළු එහි සාමාජිකයින්, දිවයිනේ සියලුම තේරීම් භාර නිලධාරීන්, නීතිපතිවරයා ඇතුළු 85 දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම්කරු පෙන්වා දෙන්නේ ඊයේ (10) වනදා අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව පළාත් පාලන ඡන්ද විමසීම සදහා තරඟ වැදීමට නියමිත අපේක්ෂකයින්ගෙන් ඇප තැන්පතු බාර නොගන්නා ලෙස දන්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් දිවයිනේ සියලුම තේරීම් භාර නිලධාරීන් වෙත ලිපියක් නිකුත් කර ඇති බවයි.

මෙවැනි ලිපියක් නිකුත් කිරීම මුළුමනින්ම නීතියට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරු මේ හරහා ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් පෙන්වා දෙනවා.

එබැවින් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තරඟ වැදීමට නියමිත අපේක්ෂකයින්ගෙන් ඇප තැන්පතු බාර නොගන්නා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන ලිපිය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව එම ලිපියට අනුව කටයුතු කිරීමෙන් වළකින ලෙස දන්වා දිවයිනේ තේරීම් භාර නිලධාරීන් වෙත නියෝග නිකුත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබුණා.

එමෙන්ම මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන අදාළ ලිපිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමින් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?