රාජ්‍ය ආයතන මගින් ආබාධ සහිත පුද්ගලයන් සඳහා ප්‍රමුඛතා කාඩ්පතක්

ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාව, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සභාපතිත්වයෙන් අද (30) පෙරවරුවේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී රැස්වුණා.

එහිදී රාජ්‍ය ආයතන මගින් ආබාධ සහිත පුද්ගලයන්ට සේවා සැපයීමේදී ප්‍රමුඛතාව ලබා දීම සඳහා විශේෂ කාඩ්පතක් හඳුන්වා දීමට තීරණය කෙරුණා.

ඒ අනුව, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මුල් කරගනිමින් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය වුණා.

තවද, දැනට සැලසුම් කර ඇති ආබාධ සහිත පුද්ගලයන්ගේ ආබාධිතභාවය පිළිබඳ වර්ගීකරණය චක්‍රලේඛයක් ලෙස නිකුත් කිරීමට සභාවේ එකඟතාව පළ කළා.

එමෙන්ම, ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් භාවිත කළ හැකි පාරිභාෂික වචන මාලාව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සමඟ එක්ව ප්‍රකාශනයක් ලෙස නිකුත් කිරීමට ද තීරණය කෙරුණා.

ආබාධ සහිත පුද්ගලයන් සඳහා සේවා සපයන පුද්ගලයන් ඇගයීමට අදාළ නිර්ණායක සකස් කර අවසන් කිරීමට ද සභාව එකඟ වුණා .

මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සහ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාවේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක, අතිරේක ලේකම් නාලිකා පියසේන, අධ්‍යක්ෂ සමාජ සේවා දර්ශනී කරුණාරත්න, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජයමාලි වික්‍රාමාරච්චි ඇතුළු මහ සභාවේ සාමාජිකයෝ සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
හදිසියේම ලයිව් ආපු Mr. කොත්තු කිව්ව දේ - හැම වීඩියෝ එකක්ම ඇත්ත AI නෙවෙයි..ලොකු කලකිරීමක් තියෙනවා
08:04
Video thumbnail
සිසුන් 4ක් එළොව යැවූ වනාතවිල්ලුවේ ඔරු අනතුරේ නවතම දර්ශන - "ඔක්කොම හිටියේ මඩේම තමයි..හොයන්න බෑ"
01:31
Video thumbnail
පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති හමුවෙයි - එල්නිනෝ තත්ත්වය ගැන දීර්ඝ සාකච්ඡාවක්
02:53
Video thumbnail
මවක් එළොව යවමින් සඳහිරු සෑය අසළ සිදුවූ බිහිසුණු අනතුර - තවත් තිදෙනෙක් තුවාල ලබා රෝහලේ
01:12
Video thumbnail
ගොවි ජනතාව රජ කරන යුගය බිහි කරන්නේ අපි - ඔබට බැරිනම් අපි වගකීම ගන්න සූදානම්
05:51
Video thumbnail
IMF නියෝජිත පිරිසක් ජනාධිපතිව හමුවෙයි
01:35
Video thumbnail
වාහන නවත්තලා දඩ කොළ දෙනවා වෙනුවට දුන්න සව් දන්සැල
01:21
Video thumbnail
Mr. කොත්තු හිමිකරු වෙනුවෙන් පෙරට ආ සේවකයෝ
01:32
Video thumbnail
ගාල්ලේ ඉදලා ඇවිත් අනුරාධපුරේ ආච්චි කෙනෙක්ට සත්තම දැම්ම සෙට් එක
01:22