Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ආයෝජන මණ්ඩලයේ සභාපති පුටුවට දුමින්ද හුලංගමුව පත්කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති සහ සාමාජිකයෙක් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව පත් කරනු ලැබුවා.

එහි සෙසු සාමාජිකයන් ලෙස විෂ් ගෝවින්දසාමි, හර්ෂණී රන්දිලිගම, මංගල කරුණාරත්න සහ කේ. ඒ. විමලේන්තිරරාජා යන මහත්ම මහත්මීහු පත් කර තිබෙනවා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30) පස්වරුවේ එම මහත්ම මහත්මීන් වෙත භාරදෙන ලදී.